‘කළුතර නළ ජලය බොන්න එපා’ - ජල මණ්ඩලය ජනතාවගෙන් ඉල්ලයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, April 10, 2019

‘කළුතර නළ ජලය බොන්න එපා’ - ජල මණ්ඩලය ජනතාවගෙන් ඉල්ලයි

Loading...

කළුතර කෙත්හේන ජල පවිත‍්‍රාගාරයට ලූණු ජලය මිශ‍්‍ර වී ඇති බැවින් එම ජලය බීමට  නොගන්නා මෙන් ජාතික ජල සම්පාදන හා ජලා පවහන මණ්ඩලය ජල පාරිභෝගිකයන්ගෙන් ඉල්ලීමක් කරයි.
වාද්දුව, වස්කඩුව, පොතුපිටිය, කලූතර (උතුර/දකුණ) කටුකුරුන්ද නාගොඩ පයාගල සිළුමිනාවත්ත බෝම්බුවල, මග්ගොන, බේරුවල, කලූවාමෝදර, මොරගල්ල, අලූත්ගම දර්ගානගරය සහ බෙන්තොට යන ප‍්‍රදේශවල ජල පාරිභෝගිකයන් මේ පිළිබඳ අවධානය යොමු කරන ලෙස ද එම මණ්ඩලය කියයි.

මෙම ප‍්‍රදේශවල පවුල් හතළිස් පන් දහසකට අයත් පුද්ගලයන් තුන්ලක්ෂ පනස් දහසක් පමණ මෙම තත්ත්වය හමුවේ අපහසුතාවට පත්ව ඇත.

සාමාන්‍ය ජල පරිභෝජනයේදී සියයට 90 ක් පමණ භාවිතා කරනුයේ පානීය නොවන අවශ්‍යතා වන බැවින් ජන ජීවිතය මුළුමනින්ම අඩාලවීම වැළැක්වීම සඳහා සිය මණ්ඩලය ලවණ මිශ‍්‍ර ජලය තවදුරටත් මුදාහරින බව නිවේදනයක් නිකුත් කරමින් ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පැවසීය.

ලූණු මිශ‍්‍ර ජලය ශරීර ගතවීම බරපතල අවදානම් තත්ත්වයක් නොවන බවත් එම මණ්ඩලය කියයි.

අත්‍යවශ්‍ය සේවාවන් අඩාල නොවන ලෙස වතුර බවුසර් මගින් පානීය ජලය සැපයීම පැය 24 තුළම සිදු කරන බවත් එම මණ්ඩලය වැඩිදුරටත් කියයි.
සිරිමන්ත රත්නසේකර - Divaina

No comments:

Post a Comment

Post Bottom Ad