ආණ්ඩු පෙරලිය ගැන අජිත් පී. පෙරේරා කතා කරයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, April 15, 2019

ආණ්ඩු පෙරලිය ගැන අජිත් පී. පෙරේරා කතා කරයි

ආණ්ඩු පෙරලිය ගැන අජිත් පී. පෙරේරා කතා කරයි

ජනාධිපතිවරණයට පෙර යළිත් ආණ්ඩු පෙරළියක් සිදු වනු ඇති බවට පැතිර යන පුවත් අසත්‍යය බව අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා පවසයි.

අග්‍රාමාත්‍යවරයා ඇතුළු අමාත්‍ය මණ්ඩල සාමාජිකයින් සමඟ තමන් නිරන්තරයෙන් සාකච්ඡා පවත්වමින් සිටින බව පැවසූ ඒ මහතා එවන් ආණ්ඩු පෙරළියක් ගැන කිසිදු ආරංචියක් තමන් වෙත නම් ලැබී නොමැති බව අවධාරණය කළේය.

එසේම තමන්ගේ පාර්ශ්වයෙන් එවැන්නක් සඳහා කිසිදු ක්‍රියාමාර්ගයක් නොගැනෙනු ඇති බවත් මෙවැනි ආරංචි පතුරුවා හරින්නේ රට අස්ථාවර කිරීමට වුවමනා වී ඇති පාර්ශ්ව විසින් බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.

එමෙන්ම අග්‍රාමාත්‍යවරයාව තනතුරින් ඉවත් කළ හැක්කේ පාර්ලිමේන්තුව තුළින් සම්මත කෙරෙන විශ්වාසභංග යෝජනාවක් හරහා පමණක් බව පෙන්වා දුන් අමාත්‍යවරයා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මීට පෙර හිතුවක්කාරකම් කිරීමට ගොස් පාඩම් ඉගන ගත්තේද නැද්ද යන්න තමන් නොදන්නා බවත් සඳහන් කළේය.

No comments:

Post a Comment

Post Bottom Ad