"එජාපයේ නායකයා රනිල් විතරයි - වෙන කවුරුත් නෙවෙයි" - රවී - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, April 16, 2019

"එජාපයේ නායකයා රනිල් විතරයි - වෙන කවුරුත් නෙවෙයි" - රවී

මව් පියන්ගේ නම් විකුණා පක්ෂයේ ඉදිරියට යා නොහැකි බව විදුලි බල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසීය. එක්සත් ජාතික පක්ෂයට ප්‍රතිපත්තියක් ඇති හෙයින් ඒ අනුව ක්‍රියා කළ යුතු බවයි රවී කරුණානායක මහතා සඳහන් කළේය.

 තමන්ගේ ආසනයවත් ජයග්‍රහණය කිරීමට නොහැකි වූ නමුත් රටම දිනිය හැකි බව පෙන්වීමට ඇතැමුන් උත්සහ කරන බව අමාත්‍යවරයා කියාසිටියේය.

"අපි නිහඬව සිටින්නේ දුර්වලතාව නිසා නෙවෙයි. එකමුතුභාවයක් ඇති කරන්න හදන නිසා. නමුත් වෙන විදිහකින් පිලී පනින්න හදනවා නම් ඒකට උත්තර දෙන්නත් අපි සූදානමින් ඉන්නවා."

එක්සත් ජාතික පක්ෂය ප්‍රතිපත්ති පවා දී මැතිවරණයකදී විතරක් වෙනස් වන පක්ෂයක් නොවන බව ද අමාත්‍යවරයා ප්‍රකශ කළේය.

"ජන්දේ කාලෙට විතරක් අන්තවාදී ස්ථාවරයක් අරන් ඊට පස්සේ තිබ්බ එකට වඩා අන්තවාදී එකක් නෙවෙයි කරන්නේ. මේක තමයි අපේ තියෙන ශක්තිය. ඒක තමයි අපි ආයෝජනය කරන්නේ. ඒ නිසා අපි මිනිස්සුන්ගේ විශ්වාසය දිනාගැනීමේ වැඩපිළිවෙල අපි ආරම්භ කරලා තියෙනවා. හරි වැඩපිළිවෙලකට අපිට ජනතාවගේ වරම ලැබෙයි කියන විශ්වාසය තියෙනවා."

මේ අතර එක්සත් ජාතික පක්ෂයේ අයෙක් නැවත අගමැතිවරයා ලෙස දිවුරුම් දීමේ සූදානමක් පවතින බවට පළවන ඇතැම් වාර්තා අසත්‍ය වන අතර තවදුරටත් එජාප නායකයා රනිල් වික්‍රමසිංහ මහතා බව රවී කරුණානායක මහතා වැඩිදුරටත් පැවසීය.

No comments:

Post a Comment

Post Bottom Ad