කිරිඇල්ලගේ සේවය කෙහෙළිය අගයයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, April 16, 2019

කිරිඇල්ලගේ සේවය කෙහෙළිය අගයයි

කිරිඇල්ලගේ සේවය කෙහෙළිය අගයයි

අපේ ආණ්ඩු කාලේ මහනුවරට කැබිනට් ඇමතිවරු 09ක් හා අගමැතිවරයෙක් හිටියත් අපි කළ සේවයට වඩා සේවයක් ලක්ෂ්මන් කිරිඇල්ල අමාත්‍යවරයා මහනුවර නගරයට සිදුකල බව අකමැත්තෙන් වුවත් පිළිගන්නා බව මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ල පවසයි.

පසුගියදා මහනුවර කුණ්ඩසාලේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී කණ්ඩායම පා.ම. කෙහෙළිය රඹුක්වැල්ලගේ ප්‍රධානත්වයෙන් විශේෂ හමුවක් පවත්වා තිබුණා.

කෙසේ වෙතත් මෙම හමුවේදී හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා මන්ත්‍රී කණ්ඩායම හමුවේ පවසා ඇත්තේ තමන් ඇතුඑව අමාත්‍යවරුන් 09ක්, අගමැතිවරයෙක් හා පළාත් ප්‍රධාන අමාත්‍යවරයෙක් මහනුවරට සිටි නමුත් අප කළ සේවයට වඩා සේවයක් ලක්ෂ්මන් කිරිඇල්ල අමාත්‍යවරයා තනිවම පසුගිය කාලය තුළ මහනුවරට විශාල සේවයක් සිදුකර ඇති බවය.

තමන් එය අකමැත්තෙන් වුවද පිළිගන්නා බව හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල එම හමුවේදී ප්‍රකාශ කර සිටියහ.

No comments:

Post a Comment

Post Bottom Ad