ඩුබායිවලින් පිටුවහල් කළ මොහොමඩ් ෆයිසර් රිමාන්ඩ් - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, April 10, 2019

ඩුබායිවලින් පිටුවහල් කළ මොහොමඩ් ෆයිසර් රිමාන්ඩ්

ඩුබායිවලින් පිටුවහල් කළ මොහොමඩ් ෆයිසර් රිමාන්ඩ්

ප්‍රබල අපරාධ කල්ලි නායක මාකදුරේ මදූෂ් සමඟ ඩුබායි හිදී අත්අඩංගුවට ගෙන මෙරටට පිටුවහල් කළ මොහොමඩ් නසීම් මොහොමඩ් ෆයිසර් නමැත්තා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

ඔහු ලබන 24 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් තනූජා ජයතුංග මහත්මිය නියෝග කර ඇත.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් සැකකරුගෙන් ප්‍රශ්න කර ඔහු කොළඹ අපරාධ කොට්ඨාශය වෙත භාරදුන්නේය.

එම කොට්ඨාශය විසින් ඊයේ දිනයේ ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පැය 24 ක කාලයක් රැඳවුම් නියෝග ලබා ගත් අතර අද සැකකරු අධිකරණයට ඉදිරිපත් කළේය.

කොළඹ දී සිදුවූ මනුෂ්‍ය ඝාතනයකට ආධාර අනුබල ලබාදීම සම්බන්ධයෙන් සැකකරුට එරෙහිව එල්ල වී ඇති චෝදනාවකට අදාලව තවදුරටත් විමර්ශන සිදු කරන බව එහිදී කොළඹ අපරාධ කොට්ඨාශය අධිකරණයට දැනුම් දී තිබේ.

එමෙන්ම මොහු අපරාධ කල්ලි සාමාජික කංජිපානි ඉම්රාන්ගේ සමීපතමයෙකු බවට ද තොරතුරු අනාවරණය වී ඇති බව එම කොට්ඨාශය අධිකරණයට දැනුම්දී ඇති බව සඳහන්ය.

No comments:

Post a Comment

Post Bottom Ad