සිය ධුර කාලය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් මතය විමසීමට ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා හෝ ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය තීරණයක් ගෙන නැතැයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී තිලංග සුමතිපාල මහතා පැවසීය.
පක්‍ෂයේ ඇතැම් පිරිසකට ජනාධිපතිවරයාගේ ධුර කාලය පිළිබඳව මතය විමසීමට අවශ්‍යතාවක් තිබුණද ඒ පිළිබඳව ජනාධිපතිවරයා මේ වනතෙක් කිසිදු ප‍්‍රකාශයක් කර නොමැති බවද මන්ත‍්‍රීවරයා සඳහන් කළේය.
ඇතැම් අයට ජනාධිපතිවරණය කල්දමා මහ ඡන්දයකට යෑමට අවශ්‍ය වීම නිසා යම් යම් උපදේශකයන්ගේ අවශ්‍යතා මත මෙවැනි ප‍්‍රකාශ සිදුකරන බවද කී මන්ත‍්‍රීවරයා ජනාධිපතිවරයාගේ ධුර කාලය ජනවාරි 8 දා සහ මැයි 15 වැනිදා ද යන්න ප‍්‍රකාශ කිරීමට හැක්කේ ශ්‍රේෂ්ඨාධිකරණයට සහ මැතිවරණ කොමිසමට බවද වැඩිදුරටත් සඳහන් කළේය.
Sunday, April 14, 2019

තම ධුර කාලය ගැන ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීමට ජනපති තීරණය කර නෑ
Tags
# ප්රවෘත්ති
Share This

About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment