රාහුල විද්‍යාලය ඉසුර විද්‍යාලය ලෙස නම වෙනස් කිරීම ගැන විමර්ශනයක් - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, April 5, 2019

රාහුල විද්‍යාලය ඉසුර විද්‍යාලය ලෙස නම වෙනස් කිරීම ගැන විමර්ශනයක්

රාහුල විද්‍යාලය ඉසුර විද්‍යාලය ලෙස නම වෙනස් කිරීම ගැන විමර්ශනයක්

මාදිවෙල රාහුල විද්‍යාලය ඉසුර විද්‍යාලය ලෙස නම වෙනස් කිරීම සම්බන්ධයෙන් පළ වන අප්‍රසාදය පිළිබදව කරුණු විමර්ශනය කර ජනාධිපතිවරයාට වාර්තා කරන බව බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාද් සාලි මහතා සඳහන් කරයි.

තමන්ගේ නමින් කිසිදු පාසලක් විවෘත කිරීම අත්හිටුවමින් චක්‍රලේඛයක් නිකුත් කිරීමට අධ්‍යාපන ලේකම්වරයාට තමා උපදෙස් දුන් බව අසාද් සාලි මහතාප්‍රකාශ කරන අතර ජනාධිපතිවරයාගේ ද අනුමැතියකින් තොරව මෙලෙස රාහුල විද්‍යාලය ඉසුර විද්‍යාලය ලෙස නම් කර ඇති බව සඳහන් කළේය.

ශ්‍රී රාහුල හිමි වැනි ශ්‍රේෂ්ඨ හිමි නමකගේ නම ඉවත් කරමින් ඊට දේශපාලනඥයෙකුගේ නමක් යෙදීම සදාචාර සම්පන්න නොවන බව බවත් යම් දේශපාලනඥයෙකුට තමන්ගේ නමින් ගොඩනැගිල්ලක් විවෘත කර ගැනීමට අවශ්‍ය නම් අදාළ දේශපාලනඥයාගේ පෞද්ගලික මුදලින් එය ඉදිකර විවෘත කර ගත යුතු බව අසාද් සාලි මහතා ප්‍රකාශ කළේය.

Image may contain: one or more people and people standing

No comments:

Post a Comment

Post Bottom Ad