විදුලිබල පද්ධතියේ මතු වන විවිධ ගැටලු හේතුවෙන් දෛනික විදුලි කප්පාදු කාල සීමාව දීර්ඝ විය හැකි බව විදුලිබල මණ්ඩලය පවසයි.
එහි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේ, පවතින අධික විදුලි ඉල්ලුම සහ ඊට සරිලන සැපයුමක් ලබා දීමට අවශ්‍ය සියලු පියවර ගෙන ඇති බව ය.
එහෙත් මතු වන ප්‍රායෝගික ගැටලු හමුවේ සිදු වන දෛනික විදුලි කප්පාදුවේ කාල සීමාව එලෙස දීර්ඝ විය හැකි බව ඔහු පෙන්වා දෙයි.
මේ වන විට දහවල් පැය තුනක් සහ රාත්‍රී කාලයේ පැයක කාලයක් විදුලි කප්පාදුව සිදු කෙරේ.
මේ අතර ලබන 13 වන දා සිට 20 වන දා තෙක් අඛණ්ඩව විදුලි සැපයුමක් ලබා දීමට හැකියාව ලැබෙනු ඇතැයි ලංකා විදුලිබල මණ්ඩලය විශ්වාස කරයි.
එහි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේ, මහා පරිමාණ විදුලි පාරිභෝගිකයින් එම කාල සීමාවල විදුලි පරිභෝජනය සීමා වන නිසා එම දිනවල අඛණ්ඩ විදුලි සැපයුමක් ලබා දීමට හැකි වනු ඇති බව ය.
මේ අතර කෘතීම වැසි ඇති කිරීමේ කටයුතු තාවකාලිකව අත්හිටුවා තිබේ.
විදුලිබල මණ්ඩලය සඳහන් කළේ, වායුගෝලයේ ජල වාෂ්ප ප්‍රමාණවත්ව නොමැති වීම හමුවේ මෙම පියවර ගත් බව ය.
වායුගෝලයේ ජල වාෂ්ප සම්බන්ධයෙන් දෛනිකව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් අවශ්‍ය දත්ත ලබා ගැනීම සිදු කෙරෙන බව ද එම මණ්ඩලය ප්‍රකාශ කළේ ය.
මෙරටට ඩොප්ලර් රේඩාර් පද්ධතියක් නොමැති වීම හමුවේ මෙම දත්ත නිසි පරිදි ලබා ගැනීමට ගැටලු මතුව ඇතැයි විදුලිබල මණ්ඩලය පවසයි.
No comments:
Post a Comment