Loading...
මාකඳුරේ මධුෂ් නමැති පාතාල නායකයා තමාට හඳුන්වා දුන්නේ ජනප්‍රිය ගායන ශිල්පී අමල් පෙරේරා විසින් බව රංගන ශිල්පී රයන් වැන් රෝවන් ඊයේ (06 දා) අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් කළ ප්‍රශ්න කිරීම්වලදී පවසා ඇත.
අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් ප්‍රශ්න කිරීමෙන් අනතුරුව වැලිගම පොලිසියට භාරදුන් රංගන ශිල්පී රයන් වැන් රෝවන් ඊයේ (06 දා) මාතර මහෙස්‌ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මේ මස 11 වැනිදා දක්‌වා රක්‌ෂිත බන්ධනාගාරගත කරන ලෙස මාතර ප්‍රධාන මහෙස්‌ත්‍රාත් ඉසුර නෙත්තිකුමාර මහතා නියෝග කළේය.
පාතාල නායක මාකඳුරේ මධුෂ් සමඟ සිටියදී ඉකුත්දා අත්අඩංගුවට පත්ව ඩුබායි රාජ්‍යයෙන් පිටුවහල් කළ රංගන ශිල්පී රයන් වැන් රෝවන් ඇතුළු පස්‌දෙනකු 03 දා මෙරටට පිටුවහල් කර තිබිණි.
එහිදී රංගන ශිල්පී රයන් වැන් රෝවන් ඇතුළු පිරිස අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් සිය භාරයට ගත් අතර පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සහ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ඔවුන්ගෙන් පැය 18 කට අධික කාලයක් ප්‍රශ්න කරනු ලැබීමෙන් අනතුරුව ඊයේ (05 දා) අලුයම 03 ට පමණ වැලිගම පොලිසිය වෙත භාරදීමට කටයුතු කර තිබිණි.
අනතුරුව ගංජා ග්‍රෑම් 5 යි මිලිග්‍රෑම් 750 ක් ප්‍රවාහනය කර පලායැමේ චෝදනාවක් සම්බන්ධයෙන් සිදු කෙරෙන පරීක්‍ෂණයකට අදාළව ප්‍රශ්න කිරීම සඳහා ඊයේ (05 දා) පෙරවරු 6.30 ට පමණ වන විට රයන් වැන් රෝවන් වැලිගම පොලිසිය වෙත රැගෙන ආ අතර පසුව ඔහු මාතර මහෙස්‌ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කෙරිණි.
මේ අතර රයන් වැන් රෝවන් සමඟ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව සිය භාරයට ගත් සෙසු සිව්දෙනා වන කොලොන්නාව ප්‍රදේශයේ පදිංචි 22 හැවිරිදි මොහොමඩ් වෂිම්ඩීන්, සීදුව පදිංචි 25 හැවිරිදි දිමුතු සුරන්ත පෙරේරා, අළුබෝමුල්ල ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි සුරාඡ් කාවින්ද සිල්වා සහ කඹුරුපිටිය ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි චරිත් පත්මන් කොඩිකාර යන අය පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සහ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව සිදුකළ දීර්ඝ ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව ඊයේ (06 දා) මුදාහැර ඇත.

-Divaina

No comments:
Post a Comment