ISIS ත්‍රස්තයන් සමග සිරියාවේ පුහුණුවීම් කරන තවත් ශ්‍රී ලාංකිකයන් 3 ගැන සියල්ල හෙළිවෙයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, May 16, 2019

ISIS ත්‍රස්තයන් සමග සිරියාවේ පුහුණුවීම් කරන තවත් ශ්‍රී ලාංකිකයන් 3 ගැන සියල්ල හෙළිවෙයි


ISIS ත්‍රස්තවාදීන් සමග සිරියාවේ දී පුහුණුවීම් කරන ශ්‍රී ලාංකිකයන් තිදෙනෙකු සම්බන්ධයෙන් තොරතුරු ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට ලැබී තිබේ.

ඔවුන් විසින් මෙරටට එවන ලද රුපියල් හතළිස් ලක්ෂයකට වැඩි මුදලක් සම්බන්ධයෙන්ද ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය විසින් පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

මෙසේ එවන ලද මුදල් වලින් කොටසක් දෙහිවල ප්‍රදේශයේ නිවසක තිබියදී සොයා ගත් බව ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය විසින් අධිකරණයට කරුණු වාර්තා කර ඇත.

මෙම මුදල් එවීම සම්බන්ධයෙන් ඔහුගේ පියා පොලීසිය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බවද වැඩිදුරටත් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය විසින් අධිකරණයට දන්වා ඇත.

සිරියාවේ සිටින තම පුතා විසින් දන්වා තිබූ පරිදි මුහුණ වසා ගත් කාන්තාවක් පැමිණ පාර්සලක් දී ගිය බවත් ඊට ටික දිනකට පසු මුහුන වසාගත් පුද්ගලයෙකු පැමිණ තවත් පාර්සලයක් දී ගිය බවත් ඒවායේ මුදල් ලක්‍ෂ 40කට වැඩි ප‍්‍රමාණයක් තිබූ බවත් පියා විසින් පොලීසියට පවසා ඇත.

පුතා විසින් දැන්වූ පරිදි ඒවා ඇමරිකානු ඩොලර්වලට මාරු කල බවද පියා සදහන් කර තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad