ශ‍්‍රී ලංකා ක්‍රිකට් පිලේ හිටපු නායකයකු වන මහේල ජයවර්ධන විසින් තමන් ගැන කරන ලද ඇතැම් ප‍්‍රකාශ ප්‍රතික්ෂේප කරන්නේ යයි ජාතික ක‍්‍රිකට් කණ්ඩායමේ ඇන්ජලෝ මැතිව්ස් පවසනවා.
සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් මැතිවුස් සදහන් කරන්නේ ඔ්නෑම අයෙකුට තම මතයක් ඇති බවත් මහේලටත් එසේ බවත්ය. මහේලගේ ඇතැම් ප්‍රකාශන් ගැන තමන් පුදුම වන බවත් ඒවා ප්‍රතික්ෂේප කරන බවත් මැතිවුස් කියා සිටියා. එමෙන්ම තම අරමුන ලෝක කුසලානය බවත් ඒ සඳහා දිරිමත් කරන ලෙසයි එම පණිවුඩයේ වැඩි දුරටත් දක්ව ඇත්තේ.
මහේල ජයවර්ධන කලින් සදහන් කර තිබුනේ ක්‍රිකට් දේශපාලනයේ ගොදුරක් බවට ඇන්ජලෝ මැතිව්ස් පත්වූ බවත් මැතිවුස් හරහා කණ්ඩායමට බාහිර කරුණු පැමිණි බවත්ය.
ජාතික ක‍්‍රිකට් කණ්ඩායමේ ඇන්ජලෝ මැතිව්ස් ටුවිටර් සටහන පහතින්
No comments:
Post a Comment