සෞඛ්‍ය අමාත්‍යංශයේ විශේෂ විමර්ශන කණ්ඩායමක් කුරුණෑගල රෝහලට පිටත්ව යයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, May 27, 2019

සෞඛ්‍ය අමාත්‍යංශයේ විශේෂ විමර්ශන කණ්ඩායමක් කුරුණෑගල රෝහලට පිටත්ව යයි


කිසියම් නීති විරෝධී කටයුතුවලට සම්බන්ධ වී ඇත්දැයි ආන්දෝලනාත්මක කතාබහට ලක්වී ඇති කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප‍්‍රසව හා නාරිවේද වෛද්‍ය සෙයිගු සියාබ්දීන් මොහොමඞ් සාෆි නමැත්තා සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා සෞඛ්‍ය  අමාත්‍යංශයේ විශේෂ විමර්ශන කණ්ඩායමක් කුරුණෑගල රෝහල වෙත යොමුකර තිබෙනවා.


සෞඛ්‍ය  අමාත්‍යංශයේ වැඩබලන සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය ලාල් පනාපිටිය  කියා සිටියේ කඩිනමින් මූලික විමර්ශනයක් සිදු කර වාර්තාවක් ලබා ගැනීමට ප‍්‍රමුඛ අවධානය යොමු කර ඇති බවයි. මෙම සැකකාර වෛද්‍යවරයා සම්බන්ධ බව කියන දරුවෙකු මාරු කිරීමට තැත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදු කළ විමර්ශනය අවසන් බවයි වැඩබලන සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා කියා සිටියේ.

කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප‍්‍රසව හා නාරිවේද වෛද්‍ය සෙයිගු සියාබ්දීන් මොහොමඞ් සාෆි නමැත්තා සිසේරියන් සැත්කම් සිදු කරන අවස්ථාවේ නීති විරෝධීව මව්වරුන් වන්ද්‍යකරණය කර ඇති බවට සමාජයේ මතුව ඇති දැඩි කතාබහ හේතුවෙන් කඩිනම් විමර්ශනයක් ආරම්භ කළ බවද වැඩබලන සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය ලාල් පනාපිටිය සඳහන් කළා. පොලිස් පරීක්ෂණයට අමතරව වෙනම පරීක්ෂණයක් ලෙස මෙය සිදු කරන බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.

මේ අතර කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප‍්‍රසව හා නාරිවේද වෛද්‍ය සෙයිගු සියාබ්දීන් මොහොමඞ් සාෆි නමැත්තා ලියාපදිංචි වෛද්‍යවරයෙකු බව වැඩබලන සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය ලාල් පනාපිටිය  වැඩිදුරටත් කියා සිටියා. කෙසේවෙතත් ඔහු සිය ලියාපදිංචිය අලුත් කර ඇත්දැයි සොයා බලන බවයි මෙහිදී වැඩිදුරටත් ප‍්‍රකාශ කෙරුණේ.

No comments:

Post a Comment

Post Bottom Ad