පසුගිය කාලසීමාවේ රටපුරා සිදුවුණු සාහසික මිනිස් ඝාතන, මහා පරිමාණ කොල්ලකෑම්, හෙරොයින් ජාවාරම්, දරුණු ගණයේ අපරාධ සිද්ධීන් 23 ක් සම්බන්ධයෙන් මාකඳුරේ මධුෂ් නමැති පාතාල නායකයාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප‍්‍රශ්න කිරීම් සිදුකර ඇත. මේ අතර මාකඳුරේ මධුෂ්ගේ ප‍්‍රධානත්වයෙන් සිදුකළ මහා පරිමාණ හෙරොයින් ජාවාරම් සම්බන්ධයෙන් ප‍්‍රශ්න කිරීම සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ සහය ලබාගැනීමට කටයුතු කරන බව පොලිස් ආරංචි මාර්ග පවසයි.
මධුෂ්ට එරෙහිව එල්ලවී තිබෙන දරුණු ගණයේ අපරාධ සිද්ධීන් රැුසක් සම්බන්ධයෙන් දීර්ඝ ලෙස ප‍්‍රශ්න කිරීමට අවශ්‍ය නිසා ඔහු රැඳවුම් නියෝග මත තබාගෙන ප‍්‍රශ්න කිරීම් සිදුකරන බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.
කළුතර බන්ධනාගාර බස්රථයකට ප‍්‍රහාර එල්ල කර පාතාල නායකයකුව සිටි රණාලේ සමයං ඇතුළු හත්දෙනකු ඝාතනය කිරීම, පිළියන්දල පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් පිරිසකට ප‍්‍රහාර එල්ල කිරීම, කොස් මල්ලී නමැති පාතාල සාමාජිකයා ඝාතනය කර අලූත්කඬේ අධිකරණය අසලට ඔහුගේ හිස ගෙනත් දැමීම ඇතුළු කොළඹට ආසන්න ප‍්‍රදේශවල සිදුවූ මිනිස් ඝාතන සම්බන්ධයෙන් මධුෂ්ගෙන් ප‍්‍රශ්න කරන බව පොලිස් ආරංචි මාර්ග පවසයි.
මහරගම ප‍්‍රදේශයේ ධනවත් ව්‍යාපාරිකයකුගෙන් රුපියල් කෝටි 700 කට අධික වටිනාකමින් යුත් දියමන්ති සහ මැණික් කොල්ලකෑම ඇතුළු ව්‍යාපාරික ස්ථාන රැුසක් කොල්ලකෑම සම්බන්ධයෙන් මධුෂ්ගෙන් ප‍්‍රශ්න කිරීම, පසුගිය වසර කිහිපය තුළදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය මගින් වරින් වර අත්අඩංගුවට ගත් හෙරොයින් ටොන් එකකට ආසන්න ප‍්‍රමාණයක් එවා තිබුණේ මාකඳුරේ මධුෂ් බව හෙළිකරගෙන තිබේ.
මධුෂ්ගේ හෙරොයින් ජාලය කි‍්‍රයාත්මක වූ ආකාරය පිළිබඳ පුළුල් විමර්ශනයක් ආරම්භ කරන බව පොලිස් ආරංචි මාර්ග කියා සිටී.
මේ අතර මදූෂ් සිය සම්බන්ධතා, අපරාධ කි‍්‍රයාකාරකම් සහ අවි ආයුධ සඟවා ඇති ස්ථාන ඇතුළු ඉල්ලා සිටින සියලු කරුණු හෙළි කරන බවත් ඒ අනුව තමන්ට ජීවිත දානය ලබා දෙන ලෙසත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ප‍්‍රකාශ කර තිබෙන බව සදහන් .
පසුගියදා ඩුබායිහිදී එරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගැනුණු මාකඳුරේ මදූෂ් එරටින් පිටුවහල් කිරීමෙන් පසු පෙරේදා (05) ශී‍්‍ර ලංකාවට පැමිණියා. කටුනායක ගුවන්තොටුපලේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් මදුෂ් මේ වනවිට රඳවාගෙන ප‍්‍රශ්න කරනවා.

No comments:
Post a Comment