දහම් සිරිසේන මහතාගේ විවාහ උත්සවය කොළඹ හිල්ටන් හෝටලයේ දී හෙට දිනයේ පැවැත්වීමට නියමිතයි.
මීට පෙර කොළඹ ෂැංග‍්‍රිලා හෝටලයේ දී මෙම විවාහ මංගල උත්සවය පැවැත්වීමට නියමිතව තිබුණ ද පාස්කු ඉරිදා දිනයේ එම හෝටලයට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු මේ වනවිටත් හෝටලය වසා දමා ඇති නිසා විවාහ උත්සවය හිල්ටන් හෝටලය වෙත මාරු කර තිබේ.
මෙම උත්සවය කලින් සැලසුම් කර තිබූ පරිදි නොපවත්වා දෙපාර්ශවයේ ඥාතීන් සහ අත්‍යවශ්‍ය හිතවතුන් කිහිපදෙනෙකුගේ පමණක් සහභාගීත්වයෙන් පැවැත්වෙනු ඇති බව සමීප ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙම වසරේ ඉදිරි කාලයේදී නැකැත් සම්බන්දයෙන් ප‍්‍ර‍්‍රශ්නයක් ඇති නිසා යොදාගත් නැකැත් වේලාවන්වලදීම විවාහය ඉතා චාම් සිදු කිරීමට ඔවුන් තීරණය කර ඇත.
ප්‍රසිද්ධ ව්‍යාපාරික අතුරලිය වීරරත්න මහතාගේ දියණිය වන නිපුනි වීරරත්න සමඟ දහම් සිරිසේන මහතා විවාහ වීමට නියමිතය.
හිල්ටන් හෝටලය හා ආසන්න ප‍්‍රදේශයන්ට මේ වන විටත් දැඩි ආරක්‍ෂාවක් යොදවා ඇත.
Wednesday, May 8, 2019
දහම්ගේ වෙඩිම හෙට - හිල්ටන් හෝටලයේ සහභාගීත්වය අත්‍යවශ්‍ය හිතවතුන් පමණයි
Tags
# දේශපාලන
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන
Labels:
දේශපාලන
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment