එළැඹෙන අගෝස්තු 11 වැනි දින පැවැත්වීමට නියමිත ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණු මංගල මහා සමුළුවේදී පෙරලිකාර සිදුවීමක් සිදුවීමට නියමිතව ඇති බව වාර්තා වෙයි. සුගතදාස ගෘහස්ථ ක‍්‍රීඩාංගණයේදී පැවැත්වෙන එම සමුළු වේදිකාවට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මන්ත‍්‍රීවරුන් 08 දෙනෙකු එක්වීමට නියමිත බව පොදුජන පෙරමුණේ ප‍්‍රකාශකයෙකු පැවසීය.
දැනටමත් ශ‍්‍රීලනිප මන්ත‍්‍රීවරුන් දෙදෙනෙකු දැනට දින දෙක තුනකට පෙර පොදුජන පෙරමුණේ ප්‍රබලයකු හා සාකච්චා කර ඇතැයිද සදහන්ය.
එස්.බී. දිසානායක, ඩිලාන් පෙරේරා, ලක්ෂ්මන් වසන්ත පෙරේරා ඇතුළු මන්ත‍්‍රීවරුන් පිරිසක් මෙසේ පොදුජන පෙරමුණට එක්වනු ඇති බව එම ආරංචි මාර්ග කියා සිටියේය.

No comments:
Post a Comment