ශ්‍රීලනිපය හා පොදුජන පෙරමුණු සන්ධාන ගත වුවද එහි ජනාධිපති ධුර අපේක්ෂකත්වය හෝ ඉදිරි අගමැති ධුරය මෛත්‍රීපාල සිරිසේනට නොලැබීමේ අවදානම අදාළ සාකච්ඡාව ආරම්භ වීමට හේතුවී ඇත.
උද්ගත වී ඇති තත්ත්වය තුළ අදාළ යෝජනාව ඉදිරි ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාවට ඉදිරිපත් කිරීමට නියමිත බවද වාර්තා වේ.
ඉදිරියේදී පිහිටුවනු ලබන ආණ්ඩුවේ මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍ය ධුරය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට ලබාදිය යුතු බවට ඉල්ලීමක් ශ්‍රීලනිප පොදුජන පෙරමුණු 7 වන සාකච්ඡාවට ඉදිරිපත් කිරීමට නියමිත බවද ශ්‍රීලනිප අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.
මේ පිළිබඳව කළ විමසීමකදී ශ්‍රීලනිප මහලේකම් දයාසිරි ජයසේකර පැවසුවේ ඉදිරියේදී සාකච්ඡා කිරීමට නියමිත කරුණු පිළිබඳව කිසිවක් ප්‍රකාශ කළ නොහැකි බවයි.
– අරුණ පුවත්පතෙනි

No comments:
Post a Comment