රනිල් - කරූ ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානයෙන් - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, July 20, 2019

රනිල් - කරූ ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානයෙන්

එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක හා අගමැති අපේක්ෂක ධුර සඳහා රනිල් වික්‍රමසිංහ හා කරු ජයසූරිය මහත්වරුන් ඉදිරිපත් කිරීමට සූදානමක් පවතින බව එ.ජා.ප. ඉහළ පෙළේ අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තාවන බව දේශය පුවත්පත කියා සිටී.

මෙම යෝජනාව පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් අනුමත කර ගැනීම සඳහා ඉදිරි සති කිහිපය තුළ විශේෂ කෘත්‍යාධිකාරී මණ්ඩල හමුවක් පැවැත්වීමට යන බවද එහි දැක්වේ.

එ.ජා. පෙරමුණ සන්ධානය, ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානය ලෙස නම්කොට එහි සාමාජිකත්වය පුළුල් කිරීමේ සැලැසුමක් ඇතැයි ද මේ අතර වාර්තා වේ.

මේ සන්දානය නිල වශයෙන් අගෝස්තු 05 වැනිදා ආරම්භ කිරීමට නියමිතය.

මෙම පෙරමුණ සඳහා සුළු ජාතික පක්ෂවලට මෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ආරාධනා කිරීමට නියමිත බව පැවසේ.

සාධාරණ සමාජයක් සඳහා වන එකමුතුව මෙන්ම තවත් සිවිල් සංවිධාන ගණනාවකටද මේ සඳහා එක්වන්නැයි ඉදිරියේදී ඇරයුම් කිරීමට නියමිත බව පැවසේ.

කෙසේවුවද, එජාප පසුපෙළ මන්ත්‍රීන් බහුතරය එම පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතාට ජනාධිපති අපේක්ෂකත්වය ලබාදෙන ලෙස ඉල්ලා සිටින බවද පැවසේ.

No comments:

Post a Comment

Post Bottom Ad