වසර 2015 ට පෙර මාධ්‍යවේදීන්ට සිදුකළ පහරදීම්වලට මතභේදාත්මක හමුදා බුද්ධි අංශ නිලධාරී මේජර් ප්‍රභාත් බුලත්වත්ත මහතා හවුල්ව ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන මගින් අනාවරණය වී ඇති බව වාර්තා වේ.
එම විමර්ශන මගින් අනාවරණය කරගත් සියලු නව තොරතුරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේවන විට ද අධිකරණයට ඉදිරිපත් කර ඇති බවද පැවසේ.
2008 දී මාධ්‍යවේදී කීත් නොයාර්ට පහරදීම සම්බන්ධයෙන් සැකකරුවකු ලෙස අත්අඩංගුවට ගත් හමුදා බුද්ධි අංශ නිලධාරී ලලිත් රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් කරන ලද විමර්ශනවලදී ඔහු හිටපු සන්ඩේ ලීඩර් කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතන සිද්ධියට ද සම්බන්ධතා ඇති බවට කරුණු අනාවරණය වී ඇති බවත්, එසේම ලලිත් මේජර් ප්‍රභාත් බුලත්වත්ත යටතේ සේවය කර ඇති බවත් තහවුරුව ඇතැයි වාර්තා වේ.
නොයාර්ට පහරදීමට සම්බන්ධ පුද්ගලයින් අතර ලලිත් රාජපක්ෂ ද සිටින බව පැවසෙන අතර රිවිර පුවත්පතේ හිටපු කර්තෘ උපාලි තෙන්නකෝන් මහතාගේ වාහනයේ ලලිත් රාජපක්ෂගේ ඇඟිලි සලකුණද රහස් පොලිසිය විසින් සොයාගෙන ඇති බව පැවසේ.
රාජපක්ෂට, තෙන්නකෝන් සමඟ පෞද්ගලික ආරවුලක් නොවන බැවින් ඔහු හිටපු ආණ්ඩුව විසින් මේ ප්‍රහාර සඳහා යොදාගත් බවට රහස් පොලිසිය සැකකරන බවද මේ අතර වාර්තා වේ.
Saturday, July 20, 2019

2015 පෙර මාධ්‍යවේදී ප්‍රහාරවලට මේජර් බුලත්වත්ත හවුල්
Tags
# ප්රවෘත්ති
Share This

About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment