හිටපු ආරක්ෂක ලේකම්වරයා විසින් ගොනු කරන ලද විශේෂ අභියාචනා පෙත්සම සලකා බැලූ එස්.තුරෙයිරාජා, බුවනෙක අලුවිහාරේ සහ, ගාමිණි අමරසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් එම නියෝගය කර තිබේ.
තමන් චූදිතයෙක් ලෙස නම් කළ එම නඩුව විභාග කිරීමට ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයට බලයක් නොමැති බවට හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කළ මූලික විරෝධතාවක් එම අධිකරණ මගින් මින් පෙර ප්‍රතික්ෂේප කර තිබුණි.
එම ප්‍රතික්ෂේප කිරීමේ තීරණය නීති විරෝධී ලෙස ප්‍රකාශ කරන මෙන් ඉල්ලා ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අභියාචනාධිකරණය වෙත ප්‍රතිශෝධන පෙත්සමක් ඉදිරිපත් කළත් එම පෙත්සම විභාග කිරීමට තමන්ට බලයක් නොමැති බව සඳහන් කළ අභියාචනාධිකරණය පසුව එය විභාගයට නොගෙනම ප්‍රතික්ෂේප කිරීමට තීරණය කළේය.
එම අභියාචනාධිකරණ නියෝගය අභියෝගයට ලක් කරමින් ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ගොනු කරන ලද විශේෂ අභියාචනා පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවනු ලැබීය.
මෙහිදී හිටපු ආරක්ෂක ලේකම්වරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් අදාළ පෙත්සම විභාග කිරීම සඳහා අවසර ලබාදුන්නේය.
අනතුරුව පෙත්සම් විභාගය ඔක්තෝම්බර් මස 01 වනදා කැඳවීමට නියම කළ විනිසුරු මඩුල්ල විශේෂ මහාධිකරණයය හමුවේ පැවැත්වෙන නඩුවේ සාක්ෂි විභාගය අත්හිටුවන ලෙස දන්වා නියෝගයක්ද නිකුත් කළේය.

No comments:
Post a Comment