2015 ජයග්‍රහණයට එකතු වූ බලවේග වලින් ඉතාම සොච්චමක් විතරයි අද ඔය කියන සන්ධානය තුළ සිටින්නේ. 2015 මහා දැවැන්ත සන්ධානයක් හදලත් 4 25 000 පමණ වැඩි ඡන්දයක් තමයි ගත්තේ.
එදා මෛත්‍රීපාල සිරිසේන මහත්තයට ඡන්දය දුන්නා අයගෙන් 2 50 000 ක් මහින්ද රාජපක්ෂ මහතාට ඡන්දය දුන්නා නම් 2015 ජයග්‍රහණය කරන්නෙත් මහින්ද රාජපක්ෂ මැතිතුමාමයි.
එක්සත් ජාතික පක්ෂය හදන මේ අලුත් සන්ධානයේ කිසිම නැවුම් භාවයක් නැහැ. රට අවුරුදු 5ක් තිස්සේ කාපු අනාගතයේ රට කන්න කෙල හලන දේශපාලකයො ටිකයි රාජ්‍ය නොවන සංවිධාන ටිකයි ඒ අයව අල්ලේ නටවන ඇමරිකාව සහ යුරෝපය විතරමයි ඔය සන්ධානයේ තුළ ඉන්නේ. අලුත් කිසි කෙනෙක් ඔය සන්ධානය තුළ නැහැ.
විශේෂයෙන්ම කියන්න ඕනෑ 2015 සිටි අයගෙන් නම් සාතිශය බහුතරයක් නැහැ. අතුරලියේ රතන හාමුදුරුවෝ තමයි ගිය පාර සටනේ පළමු වන වෙඩි මුරය තිබ්බේ. අඩුම තරමින් උන්වහන්සේ හරි පුලුවන්නම් සම්බන්ධ කරගන්න කියන්නකො.
– අරවින්ද අතුකෝරල
No comments:
Post a Comment