ඒ අනුව කමිටු සාමාජිකයන් විසින් අගරදගුරුතුමන් හා ජනාධිපතිවරයා හමුවීමට ගොස් ඒ සම්බන්ධයෙන් කරුණු විමසීමට අදහස් කර සිටින බවද ප‍්‍රකාශකයා පවසා ඇත.
මෙම දෙදෙනා කමිටුව හමුවට කැඳවීමට සුදුසු නොවන බව අවබෝධ කර ගෙන ඔවුන් හමුවට ගොස් කරුණු විමසීමට බලාපොරොත්තු වන බවද ඔහු සඳහන් කර තිබේ.
මෙම කාරක සභාවේ සාක්ෂි විමසීම දී ජනාධිපතිවරයා සහ අගරදගුරුතුමන් සම්බන්ධයෙන් විවිධ අදහස් පළ කෙරුණු නිසා එම තත්ත්වය මත ඔවුන්ගෙන් කරුණු විමසීම වැදගත් බවද කමිටුවේ අදහස වී ඇත.
මේ අතර එම කමිටුව විසින් මෙම සතිය ඇතුළත අගමැති රනිල් වික්‍රමසිංහ මහතා, රාජ්‍ය ආරක්ෂක රාජ්‍ය ඇමැති රුවන් විජේවර්ධන මහතා සහ නීතිය හා සාමය පිළිබඳ හිටපු ඇමතිවරුන්ගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට නියමිතව තිබේ.
No comments:
Post a Comment