ජනාධිපතිවරයා සමඟ දැනට සිටින ශ්‍රී.ල.නි.ප. මන්ත්‍රීන්ගෙන් පිරිසක් එජාපයටද තවත් කණ්ඩායමක් පොහොට්ටුවටද එක්වීමට මීට දින කීපයකට පෙර සාකච්ඡා අාරම්භ කර ඇත.
අප වෙත වාර්තා වන විශ්වාස කටයුතු ආරංචි මාර්ග අනුව එ.ජා.ප.ය සමඟ වෙනම කණ්ඩායමක් ලෙස සන්ධානගත වීමට යන්නේ දුමින්ද දිසානායක, මහින්ද අමරවීර ඇතුළු මන්ත්‍රීන් 8 දෙනකු බව කියැවේ. මේ කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨයන් දෙදෙනකු පසුගිය අඟහරුවාදා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මුණගැසී ඒ ගැන දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇත. එම සාකච්ඡාවට දයාසිරි ජයසේකර මහතාද එක්වීමට නියමිත වුවත් අවසන් මොහොතේ එය වැළැකී තිබේ. එහි ප්‍රතිඵලය අනුව ඉදිරි සති කිහිපය තුළ මේ පිරිස එ.ජා.ප.ය සමඟ සන්ධාන ගතවීමට බොහෝදුරට ඉඩ ඇතැයි කියැවේ.
ශ්‍රී.ල.නි.ප.යේ තවත් ජ්‍යෙෂ්ඨයන් දහ දෙනකුට වැඩි පිරිසක් පොහොට්ටුව සමඟ සන්ධාන ගතවීමට තීන්දු කර ඇත. ඒ ගැන මේ සතියේ එස්.බී. දිසානායක සහ ඩිලාන් පෙරේරා යන මහත්වරැන් බැසිල් රාජපක්ෂ මහතා සමඟ දීර්ඝ සාකච්ඡාවක් පවත්වා ඇත. ඉදිරි කාලයේදී මෙම කතාබහට නිමල් සිරිපාල ද සිල්වා මහතාද එක්වීමට ඉඩ ඇතැයි කියැවේ. එහෙත් කෑගල්ල ඇතුළු දිස්ත්‍රික්ක ගණනාවක ශ්‍රී.ල.නි.ප. මන්ත්‍රීන් දෙතුන් දෙනකු පොහොට්ටුවට බඳවා ගැනීමට ඒ ඒ පළාත්වල පොහොට්ටුව සංවිධායකයන් ප්‍රබල විරෝධයක් එල්ල කර ඇත.
කෙසේ හෝ ඉදිරි සති දෙක තුළ එ.ජා.ප.ය හා පොහොට්ටුව සන්ධාන පිහිටුවීමට තීන්දු කර ඇති අතර එම සන්ධාන ස්ථාපිත කිරීමත් සමඟ මෙම පිල් මාරුව සිදුවීමට නියමිතය.
ඒ අතර ශ්‍රී.ල.නි.ප.යේ ජ්‍යෙෂ්ඨයකු වන හිටපු අමාත්‍යවරයකු පසුගියදා විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා මුණගැසී යෝජනා කර ඇත්තේ ඉදිරි මහ මැතිවරණ නාමයෝජනා ලබාදීමේදී ශ්‍රී.ල.නි.ප.යෙන් එක්වන කණ්ඩායම වෙනුවෙන් නාමයෝජනාවලින් 30%ක් වෙන් කරන ලෙසය.
– deshaya
Saturday, July 27, 2019

පිල් මාරු ඇරඹේ.. පනින අයගේ නම් මෙන්න..
Tags
# ප්රවෘත්ති
Share This

About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment