මහින්දා නන්ද අලුත්ගමගේ මහතා එ බැව් කියා සිටියේ අද (10) නාවලපිටියේ පිහිටි මහින්දා නන්ද පදනම් කාර්යයාලයේ පැවති මාධ්‍යය හමුවකදිය.
මෙම මාධ්‍යය හමුවේ අදහස් දැක් වු මහින්දා නන්ද අලුත්ගමගේ මන්ත්‍රිවරයා කියා සිටියේ ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ නායකත්වය හෙට හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාට ලබා දි 2020 ජනාධිපති අපෙක්ෂකයා ලෙස ගොඨාභය රාජපක්ෂ මහතා නම් කරන බවයි.
හෙට දින රටේ ජනතාව ජාතික කොඩිය අතතිව ප්‍රධාන මාර්ග වලට පිවිස කැවුම් කිරිබත් කා ප්‍රිති වන දවසක් බවට පත් වන බව මහින්දා නන්ද අලුත්ගමගේ මන්ත්‍රිවරයා කියා සිටියේය.
ජාතික ආරක්ෂාවට වගකිය නොහැකි එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව මේ වන විට කොටස් පහකට කැඩි ඇති බවත්, කිසිසේත් එම බෙදිම තුල එක්සත් ජාතික පෙරමුණට සන්ධානයක් ගොඩනැගිමට හෝ ජනාධිපති අපෙක්ෂකයෙකු නම් කිරිමට නොහැකි බව මන්ත්‍රිවරයා කියා සිටියි.
2020 ජනාධිපති අපෙක්ෂකයා වශයෙන් ඉදිරිපත් වන ගොඨාභය රාජපක්ෂ මහතාට උතුරු නැගෙනහිර ඇතුළු වතුකරයේ දේශපාලන නායකයන් සහයෝගය දැක් විමට කැමැත්ත ප්‍රකාශ කර ඇති බවත්, රට ගොඩනැගිමට සුදුසුකම් නැති මේ රටේ එකම ජනාධිපති අපෙක්ෂකයා ගොඨාභය රාජපක්ෂ මහතා බව මහින්දා නන්ද අලුත්ගමගේ මන්ත්‍රිවරයා කියා සිටියේය.
– හැටන් රංජිත් රාජපක්ෂ

No comments:
Post a Comment