එසේම එම මාධ්‍ය හමුවේදී මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මෙසේද ප්‍රකාශ කළා.
‘‘හලාල් සහතිකය ලබා දීම පෞද්ගලික අංශයේ කිහිප දෙනෙක් එකතු වෙලා මේ සහතිකය ලබා දෙන්න තීන්දු කළා. නමුත් මේ රටේ කිසිම නීතියක් ප්‍රකාරව කිසිම පෞද්ගලික අංයශයක හෝ රජයක නීතිය අනුව ආගමික අවශ්‍යතාවයකට සහතිකයක් දීලා අළෙවි කිරීමට කිසිම ප්‍රතිපාදනයක් මේ රටේ නෑ.
ගිය සති කිහිපය තුල ශ්‍රී ලංකා ප්‍රමිති අායතනයට ලිඛිතව දැනුවත් කරලා තියෙනවා හලාල් සහතිකය නිකුත් කිරීම ප්‍රමිතිගත කිරීම සම්බන්ධයෙන් නීති සම්පාදනය කළ යුතුයි කියලා. කොහෙද මේ රට තියෙන්නෙ..? ඉන්න ජනතාවගෙන් 90% ක් ඉස්ලාම් නෙවෙයි. ලෝකෙ මොන රටේද බහුතරයක් ඉස්ලාම් නොවන රටක හලාල් සහතිකය නීත්‍යානුකූල කරලා තියෙන්නෙ‘‘

No comments:
Post a Comment