සංවර්ධන ලොතරැයි ඉතිහාසයේ දැවැන්තම ජයමල්ල වූ රුපියල් කෝටි දහහතරහමාරක මුදල රත්නපුර මලංගම ප්‍රදේශයේ කුමාර ප්‍රියන්තට හිමිවී තිබේ. මෙම ත්‍යාග මුදල හිමිවී ඇත්තේ ‘කෝටිපති කප්රුක’ ලොතරැයිපතටය.
ත්‍යාගය පිළිබඳ චෙක්පත අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සුරතින් පෙරේදා (18 වැනිදා) අරලියගහ මන්දිරයේදී ප්‍රදානය කෙරිණි.
ජයග්‍රාහී ලොතරැයිපත අලෙවි කර ඇත්තේ සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ ගොඩකවෙල අලෙවි නියෝජිත ආර්.පී. සෝමා ප්‍රියන්ති විසිනි.
සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ පැරණිතම ලොතරැයිපතක් වන ශනිදා වාසනාව ලොතරැයියේ 3267 වන වාරයේ සුපිරි ජයමල්ල ද හත් කෝටි දාහහත් ලක්ෂයක මුදල දිනාගත් හොරණ ප්‍රදේශයේ ඩී.කේ. කුමාර ද චෙක්පත් ප්‍රදානය එදිනම අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.
ජයග්‍රාහි ලොතරැයි පත අලෙවි කර ඇත්තේ සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ කොළඹ අලෙවි නියෝජිත ටී.එන්.එස්. කුමාර විසිනි.
අශිකා ජයවීර
Thursday, December 19, 2019
මෙතෙක් හිමි වූ දැවැන්තම ලොතරැයි ත්‍යාගය කෝටි 14 රත්නපුරේ ප්‍රියන්තට
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment