ලක්ෂ 210 ගොඩනැගිල්ලට කැබිනට් පත්‍රිකාව ගෙනාවේ රනිල් - දුමින්ද කළ හෙළිදරව්ව - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, December 21, 2019

ලක්ෂ 210 ගොඩනැගිල්ලට කැබිනට් පත්‍රිකාව ගෙනාවේ රනිල් - දුමින්ද කළ හෙළිදරව්ව

සුගිය සතියේ පැවති කැබිනට්  මණ්ඩල රැස්වීමේ දී රාජගිරියේ පිහිටි කෘෂිකර්ම අමාත්‍යාංශ ගොඩනැඟිල්ල සම්බන්ධයෙන් අමාත්‍යවරුන්ගේ අවධානය යොමු වුනා.

මසකට රුපියල් ලක්ෂ 210කට මෙම ගොඩනැඟිල්ල කෘෂිකර්ම අමාත්‍යාංශයට පසුගිය ආණ්ඩුව කාලයේදී ලබාදීම පිළිබඳව විශාල ආන්දෝලනයක් ඇති වුනා.

මෙතරම් විශාල මාසික කුලියට මෙම ගොඩනැඟිල්ල ලබාදුන්නේ කාගේ වුවමනාවටදැයි කියා කුතුහලයක් ද පැවැතුණු අතර බොහෝ දෙනකුගේ චෝදනාව එල්ල වූයේ එවකට කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායකටයි.

නමුත් ජනාධිපති කොමිසමේදී කරුණු දැක්වූ දුමින්ද දිසානායක කියා සිටියේ මෙම ගොඩනැඟිල්ල කුලියට ලබාගැනීම සම්බන්ධයෙන් තමාගේ කිසිදු සම්බන්ධයක්  නොමැති බවයි.

මෙම ගොඩනැඟිල්ල කුලියට ලබාදීමට අදාළ කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කළේ එවකට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විසින් බව දුමින්ද දිසානායක විසින් ජනාධිපති විමර්ශන කොමිසමට දැනුම් දුන්නා.

මෙම ගොඩනැඟිල්ලෙන් කෘෂිකර්ම අමාත්‍යාංශය පෙර පැවැති බත්තරමුල්ලේ ගොවිජන මන්දිරය වෙත ගෙනයෑමේ කැබිනට් සන්දේශයට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවූ අතර මීට අදාළ කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කළේ වැඩබලන කෘෂිකර්ම අමාත්‍ය මහින්ද යාපා අබේවර්ධන විසින්.

ඒ කාලෙදිත් මේ බිල්ඩිමට විශාල මුදලක් වියදම් කිරීම ගැන මහින්ද අමරවීර අමාත්‍යතුමාද විරෝධය පළ කළ බව ඩලස් අලහප්පෙරුම කැබිනට් රැස්වීමේදී මතක් කර සිටියා.

“මාත් ඒ ශාලාවේදී මේ ගැන ප්‍රශ්න කළා. ගොවි මහත්වරුන්ටත් මේ රාජගිරියේ බිල්ඩිම ගැළපෙන්නේ නැහැ. මේගොල්ලන්ට කොහොම හරි වුවමනා වෙලා තිබුණේ බිල්ඩිම රෙන්ට් එකට අරගෙන සල්ලි දෙන්නයි‘ යනුවෙන් මහින්ද අමරවීර කියා සිටියා.

“මේ රාජගිරියේ බිල්ඩිම ගොවි මහත්වරුන්ට කොහෙත්ම ගැළපෙන්නේ නැහැ” යනුවෙන් පැවැසුවේ එස්.එම්. චන්ද්‍රසේනයි.


No comments:

Post a Comment

Post Bottom Ad