කැබිනට් ප‍්‍රසන්න-රාජ්‍ය කෙහෙලිය නිල කාර්යාලයට රණ්ඩුවෙති - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, December 21, 2019

කැබිනට් ප‍්‍රසන්න-රාජ්‍ය කෙහෙලිය නිල කාර්යාලයට රණ්ඩුවෙති

කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා සිවිල් ගුවන් සේවා ඇමැති ප්‍රසන්න රණතුංග හා එම අමාත්‍යාංශයේ රාජ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා අතර නිල කාමරයක් සම්බන්ධයෙන් ආරවුලක් ඇති ව තිබේ. කෙහෙළිය රඹුක්වැල්ල මහතා රාජ්‍ය ඇමතිවරයා ලෙස පත්වීම් ලැබූ පසු ඔහු ඉල්ලා ඇත්තේ ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ පිහිටි ඇමති කාර්යාලය තමන්ට අවශ්‍ය බවයි.

මෙම ප‍්‍රශ්නය අගමැති මහින්ද රාජපක්ෂ මහතා වෙතද ගොස් ඇති අතර අගමැතිවරයා දැනුම් දී ඇත්තේ සාකච්ඡා කර ප්‍රශ්නය විසඳා ගන්නා නිසයි.

ඒ අනුව ප්‍රසන්න රණතුංග මහතා අවසානයේ තම තමන්ගේ කැබිනට් ඇමති කාර්යාලය රඹුක්වැල්ල මහතාට බාර දී රාජ්‍ය ඇමැති කාර්යාලයෙන් සිය රාජකාරි කටයුතු කරමින් සිටින බව වාර්තා වෙයි.


No comments:

Post a Comment

Post Bottom Ad