වසර 5කට පසු මෛත්‍රී අරලියගහ මැදුරට යයි - අගමැති සමග සාකච්ඡාවක් ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, December 18, 2019

වසර 5කට පසු මෛත්‍රී අරලියගහ මැදුරට යයි - අගමැති සමග සාකච්ඡාවක් !

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පෙරේදා (17දා) පස්වරුවේ අරලියගහ මන්දිරයට පැමිණ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා සමඟ සුහද සාකච්ඡාවක යෙදී ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

හිටපු ජනාධිපතිවරයා අරලියගහ මැඳුරේ අගමැති කාර්යාලයට ගොඩවැදුණේ වසර පහකට පසුව යැයි එහිදී සඳහන් කර ඇතැයිද එම ආරංචි මාර්ග පවසයි.

මෛත්‍රිපාල සිරිසේන මහතා ජනාධිපති ධුරය දැරූ සමයේ අරලියගහ මැඳුරේ පැවැති රැස්වීම් සඳහා රැස්වීම් ශාලාවට පැමිණ තිබුණද එහි අග්‍රාමාත්‍ය කාර්යාලය වෙත පැමිණ නොතිබූ බවද එම ආරංචි මාර්ග තවදුරටත්  සඳහන් කරයි.


No comments:

Post a Comment

Post Bottom Ad