පාඨලි චම්පික අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් පොලිස් කොමිසම වාර්තාවක් ඉල්ලයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, December 21, 2019

පාඨලි චම්පික අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් පොලිස් කොමිසම වාර්තාවක් ඉල්ලයි



පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලි චම්පික රණවක මහතා අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන්  වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස හෙට වැඩබලන පොලිස්පතිවරයාගෙන් ඉල්ලීමක් කරන බව පොලිස් කොමිසම පවසයි.

එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි මහතා පොලිස් කොමිසම වෙත සිකුරාදා ඉදිරිපත් කළ ලිපියකට අනුව එම ක්‍රියාමාර්ගය ගන්නා බවයි.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු අත්අඩංගුවට ගැනීමේ දී අනුගමනය කළ යුතු සාම්ප්‍රදායික ක්‍රමවේදය පොලිස් අපරාධ කොට්ඨාශය විසින් අනුගමනය කර නොමැති බවට අදාළ ලිපියෙන් කරුණු දක්වා ඇත.

ඒ අනුව පොලිස් කොමිසමේ ස්ථාවරය දැක්වීමට පෙර වැඩබලන පොලිස්පතිවරයාගෙන් ඒ පිළිබද වාර්තාවක් කැදවන බවයි පොලිස් කොමිසම ප්‍රකාශ කළේ.

No comments:

Post a Comment

Post Bottom Ad