ලබන බදාදාට පෙර සහල් තොග වෙළෙඳපොළට - 98 වැඩිනම් දැනුම් දෙන්න, වැඩි මිලට සහල් වික්ක 100 කට නඩු - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, December 21, 2019

ලබන බදාදාට පෙර සහල් තොග වෙළෙඳපොළට - 98 වැඩිනම් දැනුම් දෙන්න, වැඩි මිලට සහල් වික්ක 100 කට නඩු


 ලබන බදාදාට පෙර රජය සතු සියලු වී තොග සහල් බවට පත් කර වෙළෙඳපොළට මුදා හරින බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසනවා.
රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා සඳහන් කළේ, රට තුළ නිර්මාණය කර ඇති ව්‍යාජ සහල් හිඟයට මුහුණදීම සඳහා සියලු සැලසුම් සකස් කර ඇති බවයි.

මේ අතර සම්බා හා නාඩු සහල් සඳහා රුපියල් 98 ක උපරිම සිල්ලර මිලක් පැනවීමෙන් පසු ඊට වැඩි මිලට සහල් අළෙවි කරන වෙළෙඳ සැල් සොයා ඊයේ දිනයේත් වැටලීම් ක්‍රියාත්මක කෙරුණි.

පාරිභෝගික කටයුතු අධිකාරිය සඳහන් කළේ, මේ වන විට වැඩි මිලට සහල් අළෙවි කළ වෙළෙඳ සැල් 100 කට අධික සංඛ්‍යාවකට එරෙහිව නඩු පවරා ඇති බවයි.

වැටලීම් අද දිනයේත් ක්‍රියාත්මක වේ.


No comments:

Post a Comment

Post Bottom Ad