මිලේනියම් ගිවිසුම අත්සන් කලොත් ආණ්ඩුවෙන් ඉවත් වෙන බව විමල් කියයයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, December 11, 2019

මිලේනියම් ගිවිසුම අත්සන් කලොත් ආණ්ඩුවෙන් ඉවත් වෙන බව විමල් කියයයි

ඇමරිකානු මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ගිවිසුම පිළිබඳව අධ්‍යනය කර වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් කමිටුවක් පත් කර බව ඇමැති විමල් වීරවංශ මහතා සඳහන් කළේය.

එම කමිටුවට පත් කර ඇති පුද්ගලයන් නිසා ඒ ගැන විශ්වාසය තැබිය හැකි බව ද ඇමැතිවරයා පවසයි.

අදාළ ගිවිසුම සම්බන්ධයෙන් තමන් පෙරදැරු මතයේම සිටින බවත් ඒ ආකාරයේ ගිවිසුමක් නව රජය විසින් අත්සන් නොකරනු ඇති බවත් ඔහු කියා සිටියේය.

එම ගිවිසුමට අත්සන් තැබුවහොත් තමන් ආණ්ඩුවේ නොසිටින බව ද ඔහු පැවසීය.

ඇමැතිවරයා මෙම අදහස් පළ කරන ලද්දේ පානදුර ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත අදහස් පළ කරමිනි.

No comments:

Post a Comment

Post Bottom Ad