ඉතාම දුරදීම තමන් අත්අඩංගුවට පත්වනු ඇති බව ශ්‍රී ලංකා මහජන කොංග්‍රසයේ නායක හිටපු ඇමැති රිෂාඩ් බදියුදීන් මහතා සඳහන්කර ඇත.
තම දේශපාලන ආධාරකරුවන් පිරිසක් සමඟ ඔහු මේ බව සඳහන් කර ඇත්තේ පවතින තත්වය මත එවන් දෙයක් සිදු වනු ඇතැයි කියමිනි.
තමනට විරුද්ධ විවිධ චෝදනා ගණනාවක් මේ වන විට එල්ල වී ඇති නිසා ඒ මත තමන් අත්අඩංගුවට ගනු ඇති බවද සදහන් කර ඇති ඔහු එසේ වුවහොත් මන්නාරමේ දේශපාලන කටයුතු පවත්වාගෙන යා යුතු ආකාරය මෙන්ම මහ මැතිවරනයේදී කටයුතු කල යුතු ආකාරය ගැනද දන්වා ඇත.
මේ අතර හිටපු ඇමති බදියුදීන් ගේ සොහොයුරා වත්මන් ආණ්ඩුවේ කිහිප දෙනෙක්ටම අමතා ඉතා බැගෑපත් වී ඇත්තේ තමාට සහ තම සහෝදරයාට හිරිහැර නොකරන ලෙසටයි.
හිටපු ඇමැති රිෂාඩ් බදුර්දීන්ට එරෙහිව මේ වන විට පැමිණිලි රාශියක් පොලිසිය වෙත ලැබී ඇත.
-lankacnews
Thursday, December 19, 2019
ඊළගට මං වැලිකඩ බදියුදීන් කියයි,මන්නරමේ දේශපාලනය ආධාරකරුවන්නට පවරා සූදානම් වෙයි.
Tags
# දේශපාලන
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන
Labels:
දේශපාලන
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment