ශී‍්‍ර ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය විසින් සිදුකළ පර්යේෂණයකින් ඇම්බුම් කෙසෙල් බොඩෙන් ප‍්‍රතිආරෝපිත ජීව බැටරියක් හඳුන්වාදී ඇත.
දැනට වෙළෙඳපොළේ අලෙවි කරන බැටරි ඉවත් කිරීමේදී විශාල පරිසර හානියක් සිදුවන හෙයින් ඊට විකල්පයක් වශයෙන් මෙම පරසර හිතකාමී බැටරි නිෂ්පාදනය හඳුන්වාදී ඇති අතර ඊට අදාළ කරන ලද පර්යේෂණ වාර්තාව සුනිත්‍ය බලශක්ති අධිකාරිය විසින් විදුලිබල හා බලශක්ති ඇමැති මහින්ද අමරවීර මහතා වෙත
පසුගියදා භාර දෙන ලදී.
ඇම්බුම් කෙසෙල් ගසේ ඇති කෙසෙල් බොඩය යොදා කරන ලද පර්යේෂණයකින් විදුලි උත්පාදනය කිරීම සම්බන්ධයෙන් කරන ලද පර්යේෂණ මේ වනවිට ඉතා සාර්ථක වී ඇති බව ද සුනිත්‍ය බලශක්ති අධිකාරිය සඳහන් කරයි.
එම අධිකාරිය මගින් හරිත බලශක්ති ව්‍යාපෘති හඳුන්වාදීමේ ව්‍යාපෘති හා පර්යේෂණ රැුසක් සිදුකර ඇති අතර එම පර්යේෂණවල ප‍්‍රතිඵල ඉදිරි කාලය තුළ ඵලදායී හා ප‍්‍රායෝගිකව කි‍්‍රයාත්මක කිරීමට පියවර ගන්නා ලෙස ද ඇමැතිවරයා එම නිලධාරීන්ට උපදෙස් දී ඇත.
-Divaina.
No comments:
Post a Comment