එජාප අපේක්ෂකයන්ට වෙනත් දිස්ත්‍රික්කවලට පනින්න බෑ - රනිල් වික්‍රමසිංහ - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, December 11, 2019

එජාප අපේක්ෂකයන්ට වෙනත් දිස්ත්‍රික්කවලට පනින්න බෑ - රනිල් වික්‍රමසිංහ

හ මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයන් කිසිවකුට තමන් නියෝජනය කරන දිස්ත්‍රික්කවලින් ඉදිරිපත් නොවී වෙනත් දිස්ත්‍රික්කවලින් ඉදිරිපත් වීම තහනම් කිරීමට පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ තීරණය කර ඇත.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හම්බන්තොට දිස්ත්‍රික්කය අතහැර කොළඹ දිස්ත්‍රික්කයෙන්ද, පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් ප්‍රනාන්දු බදුල්ල දිස්ත්‍රික්කය අතහැර ගම්පහ දිස්ත්‍රික්කයෙන්ද ඉදිරිපත් වීමට ගෙන ඇති තීරණ පිළිබඳ අදහස් පළ කරමින් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මේ බව ප්‍රකාශ කර ඇත.

පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් පිරිසක් සමග පැවැත්වූ සාකච්ඡාවකදී මෙම තීරණය ගෙන තිබේ. තවද පසුගිය මහා මැතිවරණය ජයගෙන පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුදෙනා මහ මැතිවරණයට ඉදිරිපත් විය යුතු බවද පක්ෂ නායකත්වයේ අදහසයි. ඔවුන්ගෙන් කිසිදු මන්ත්‍රීවරයකුට ජාතික ලැයිස්තු මන්ත්‍රීධුර අපේක්ෂකත්වය ලබා නොදීමටද පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ තීරණය කර ඇත. දැනට විනය පරීක්ෂණ ක්‍රියාත්මක පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා, සුජීව සේනසිංහ ඇතුළු අනෙකුත් මන්ත්‍රීවරුන්ගේ විනය පරීක්ෂණ කඩිනම් කිරීමටද තීරණය වී ඇත.

උදයජීව ඒකනායක


No comments:

Post a Comment

Post Bottom Ad