මං ඔයාව බඳින්නම් fb එකෙන් යාළුවුණු කෙල්ල ඉතාලි සිටි කොල්ලාගෙන් ලක්ෂ 35 ක් ගරලා. - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, December 11, 2019

මං ඔයාව බඳින්නම් fb එකෙන් යාළුවුණු කෙල්ල ඉතාලි සිටි කොල්ලාගෙන් ලක්ෂ 35 ක් ගරලා.

මුහුණු පොතින් හඳුනාගෙන විවාහ පොරොන්දු වී ඉතාලියේ සේවය කරන තරුණයකුගෙන් රුපියල් ලක්ෂ 35 ක් වංචා සහගත අයුරින් ලබා ගත්තැයි චෝදනා ලැබූ 35 හැවිරිදි කාන්තාවක් පිළිබඳව ගම්පොළ පුස්සැල්ලාව පොලිසිය පුළුල් පරීක්ෂණ අරඹා වැඩිදුර විමර්ශන කටයුතු සඳහා එම කාන්තාව ගම්පොළ කොට්ඨාස විශේෂ විමර්ශන අංශය වෙත භාරදී තිබේ.

 පුස්සැල්ලාව සෙන්කුමාර් ප‍්‍රදේශයේ පදිංචි මෙම කාන්තාව පිළිබඳ මාවනැල්ල ප‍්‍රදේශයේ 27 හැවිරිදි තරුණයකුගෙන් ලද පැමිණිල්ලකට අනුව මෙසේ පරීක්ෂණ අරඹා තිබේ.

 මේ සම්බන්ධව ලද පැමිණිල්ල (10දා) සවස මෙම දෙපාර්ශ්වය පුස්සැල්ලාව පොලිසිය වෙත කැඳවූ අවස්ථාවේ මෙම දෙදෙනාට අයත් දෙපිරිසක් පොලිසිය තුළ ගුටිබැට හුවමාරුවක නිරත වීම නිසා එයට මුල් වූ එක් අයකු ද පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

 27 හැවිරිදි මෙම තරුණයා බොහෝ කලක් ඉතාලියේ සේවය කර ඇති අතර මුහුණ පොත මගින් ලංකාවේ සිටි මෙම කාන්තාව හඳුනා ගෙන තිබේ.

 බාලවයස්කාර තරුණියක ලෙස එහිදී හැසිරී ඇති මෙම කාන්තාව විවාහ පොරොන්දු දී තරුණයා රවටා වරින් වර මුදල් ලබාගෙන ඇත්තේ මෙම දෙදෙනාට නිවසක් සෑදීමට ඇතුළු විවිධ අවශ්‍යතා පවසමින් බව තරුණයාගේ පාර්ශ්වයෙන් චෝදනා න`ගා ඇත.

 මේ අයුරින් මෙම කාන්තාව මුදල් ලබා ගෙන ඇය විසින් ගම්පොළ නුවරඑළිය මාර්ගයේ හෝටලයක් කුලියට ගෙන ගෙට්ස් හවුසියක්ද (කාමර සහිත නවාතැන් දෙන) පවත්වාගෙන ගොස් ඇති බව අනාවරණය වී ඇත.

 පුස්සැල්ලාව පොලිස් ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක සරත් බණ්ඩාර පලිපාන මහතා දෙපාර්ශ්වයටම කරුණු පහදා දී මෙම වංචාව සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ මෙසේ කොට්ඨාස විමර්ශන අංශය වෙත භාරදී තිබේ.
-Divaina

No comments:

Post a Comment

Post Bottom Ad