අලව්ව ප්‍රදේශයේ පදිංචි චමින්ද පත්මකුමාර නම් හිටපු හමුදා සෙබලෙක් මෙසේ තුවාල ලබා ඇත.
හිටපු මන්ත‍්‍රීවරයාගේ පුත්‍රයා සමග ඇතිවූ බහින්බස් වීමක් දුරදිග යාමෙන් හිටපු පළාත් සභා මන්ත්‍රීවරයා එම ස්ථානයට පැමිණ පහරදී ඇති බවද වාර්තාවෙයි.
පහරදීම නිසා හිටපු හමුදා සෙබළාගේ පාදය තැන් දෙපොළකින් අස්ථි බිදීමක් සිදුව ඇත.
තුවාල ලත් පුද්ගලයා පවසන්නේ හිටපු මන්ත්‍රීවරයා විසින් වෙඩි කිහිපයක්ද තැබූ බවයි.
ඔහු සමග තවත් ප‍්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයන් හය දෙනෙක් පහර දීමට පැමිණි බවද ඔහු කියයි.
හිටපු මන්ත‍්‍රී අහසට වෙඩි තබා තමනට යකඩ පොල්ලකින් පහර දුන් බවද හිටපු හමුදා පැමිණිලි කර ඇත.
ඔහු මේ වන විට කුරුණෑගල රෝහලේ වාට්ටු අංක 47 ප්‍රතිකාර ලබමින් සිටි.
මූලාශ‍්‍රය – මවුබිම පුවත්පත


No comments:
Post a Comment