පාඨලී චම්පික රණවක මහතා අත්අඩංගුවට ගත් වේගයටම මහ බැංකු වංචාවේ මහ මොළකරු හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතාවත් අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කළ යුතු බව ජනතා විමුක්‌ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්‌ස මහතා ඊයේ (20 වැනිදා) දිවයිනට පැවසීය.
බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් නීතිය වහා ක්‍රියාත්මක විය යුතු බවත් කී හෙතෙම එළඹෙන පෙබරවාරි 15 වැනිදාට පෙර රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට ගතයුතුව ඇති බවත් කීවේය.
මහ බැංකු බැඳුම්කර වංචාවට අදාළ සියලු තොරතුරු නීතිපති දෙපාර්තමේන්තුවට යවා ඇතැයිද එහෙයින් ඒ සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීමට තවත් ප්‍රමාද විය යුතු නැතැයිද හෙතෙම සඳහන් කළේය.
-Divaina.
Friday, December 20, 2019
පාඨලී ඇල්ලූ වේගයෙන්ම රනිලුත් අත්අඩංගුවට ගන්න.
Tags
# දේශපාලන
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන
Labels:
දේශපාලන
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment