ගානියාගෙන් ඈත්ව ඉන්නැයි ජනපති ස්විස් තානාපතිට කියයි.. ගානියා බොරු කියු බවට සාක්‍ෂි දෙන්න තමන් සූදානම් බව ස්විස් තානාපති කියයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, December 20, 2019

ගානියාගෙන් ඈත්ව ඉන්නැයි ජනපති ස්විස් තානාපතිට කියයි.. ගානියා බොරු කියු බවට සාක්‍ෂි දෙන්න තමන් සූදානම් බව ස්විස් තානාපති කියයි

මා පැහැරගැනීමට ලක්වූයේ යැයි ස්විස් තානාපති නිලධාරිනි ගානියා බැනිස්ටර් ෆ්‍රැන්සිස් යන අය කළ කතාන්දරය බොරුවක් යැයි කොළඹ ස්විස් තානාපතිවරයාට දැනුම්දුන් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය. එම මුසාබස් පැවසීම ගැන සාක්ෂිද ලබාදීමට තානාපතිවරයා පවා සූදානම් යැයිද ජනාධිපතිවරයා පවසා තිබේ.

ශ්‍රී ලංකාවේ සිටින විදේශීය මාධ්‍ය ආයතන නියෝජිතවරුන් හමුවේ අදහස් දක්වමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ලේකම් කාර්යාලයේදී මේ බව පැවසුවේය.

ස්විස් තානාපති නිලධාරිනිය මුසාවක් පැවසූ බව සැකයකින් තොරව සනාථ වී ඇති බවද, මෙම නිලධාරිනිය සමඟ ගනුදෙනු දුරස්ථව පවත්වාගෙන යන්නැයි තානාපතිවරයාට පැවසූ බවත් ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසීය.

ඇය මුසාවක් පැවසූ නමුත් තානාපතිවරයාගේ ඉල්ලීම මත විශේෂ වරප්‍රසාද අපේක්ෂා කර සිටි බවත්, ඇයගේ අරමුණ කුමක්ද යන්න සොයාගන්නා තුරු විමර්ශන දිගින් දිගටම කෙරීගෙන යන බවත් ජනාධිපතිවරයා වැඩිදුරටත් පවසා සිටියේය.

” පසුගිය රජය යටතේ මාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කිහිප වතාවක් කැඳවා එහි යාමට සිදුවූ අවස්ථාවලදීත්, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ ප්‍රශ්න කළ අවස්ථාවේදීත්, එම නිලධාරීන් වෙනත් කිසිවෙකුටත් අප සමඟ ඒමට ඉඩදුන්නේ නැහැ. එය සාමාන්‍ය ක්‍රමවේදයයි.“

“ නමුත් මේ සිදුවීමේදී, නිලධාරිනියගේ නීතිඥවරයාට ඇය සමඟ සිටීමට අවසර දී තිබෙනවා. තානාපතිවරයාගේ ඉල්ලීම අනුව එය ඇයට දුන් විශේෂ වරප්‍රසාදයක්. ඒ අනුව ඇයට අවශ්‍ය පහසුකම් සපයා දී තිබෙවා” යැයිද ජනාධිපතිවරයා පැවසීය.

– lankadeepa


No comments:

Post a Comment

Post Bottom Ad