තමන් අත්අඩංගුවට ගැනීම වළක්වන ලෙස නියෝගයක් නිකුත් කරන්නැයි හිටපු ඇමැති රාජිත සේනාරත්න මහතා විසින් කළ ඉල්ලීම අධිකරණය විසින් ප්‍රතික්ෂේප කිරීමත් සමග ඔහු විසින් සජිත් ප්‍රේමදාස මන්ත්‍රීවරයාට අමතා දැඩි ලෙස බැන වැදී ඇති බව එක්සත් ජාතික පක්ෂය හිතවාදී අන්තර්ජාල මාධ්‍ය වාර්තා කරයි.
ආන්දෝලනාත්මක සුදු වෑන් මාධ්‍ය සාකච්ඡාවට එකී පුද්ගලයන් දෙදෙනා එවා ඇත්තේ සජිත් ප්‍රේමදාස මහතා විසින් යයිද එම වාර්තාවන්හි දැක්වෙයි.
සුදුවෑන් සම්බන්ධයෙන් මාධ්‍ය හමුවක් පවත්වන්නැයි උපදෙස් ලබාදී ඇත්තේ සජිත් ප්‍රේමදාස මහතා විසින් බවත් එම උපදෙස් අනුව රාජිත සේනාරත්න මහතා විසින් මාධ්‍ය හමුවක් සූදානම් කර එහි අඩුපාඩු සකස් කරන ලද බවත් සදහන්ය.
මෙම සිදුවීම සම්බන්ධයෙන් රාජිත සේනාරත්න මහතා අත්අඩංගුවට ගතහොත් එහිද සජිත් පේ‍්‍රමදාස මහතා සම්බන්ධයෙන්ද හෙලිවනු ඇතැයිද තව දුරටත් දැක්වෙයි.
-lankacnews.

No comments:
Post a Comment