අමාත්‍යවරුන්ගේ විෂයපතයන් සහ කාර්යයන් ඇතුළත් ගැසට් නිවේදනය නිකුත් කරයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, December 10, 2019

අමාත්‍යවරුන්ගේ විෂයපතයන් සහ කාර්යයන් ඇතුළත් ගැසට් නිවේදනය නිකුත් කරයි


අමාත්‍යවරුන්ගේ  විෂයපතයන් සහ කාර්යයන් ඇතුළත් ගැසට් නිවේදනය මේ වන විට නිකුත් කර තිබෙනවා.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 43/1 ව්‍යවස්ථාවට සහ 46/1 ව්‍යවස්ථාවට අනුකූලව අමාත්‍යවරු සහ අමාත්‍යාංශ සංඛ්‍යාව ද එකී අමාත්‍යවරුන්ට අයත් විෂයන්, කාර්යයන් සහ දෙපාර්තමේන්තු, රාජ්‍ය සංස්ථා, ව්‍යවස්ථාපිත ආයතන මෙමගින් ගැසට් කර ඇත.

අමාත්‍ය ධුර 29කට අයත් අදාල විෂ්‍යපතයන්, කාර්යයන් සහ ආයතන ගැසට් කර ඇති බව සඳහන්.

ඒ අනුව ජනාධිපතිවරයා යටතේ පැවැති රාජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව තොරතුරු සන්නිවේදන තාක්ෂණ අමාත්‍යාංශ විෂයපතයට ඇතුළත් කර තිබේ.

1990 සුවසැරි පදනම අදාල ගැසට් නිවේදනය මගින් සෞඛ්‍ය අමාත්‍යාංශ විෂයපතයට ඇතුළත් කර ඇති බව සඳහන්.

සංවර්ධන ලොතරැයි මණ්ඩලට සහ ජාතික ලොතරැය මණ්ඩලය මුදල් ආර්ථික සහ ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යංශයේ විෂයපතයට ඇතුළත් කර තිබේ.

එමෙන්ම සේවා ආර්ථසාධක අරමුදල නිපුනතා සංවරධන රැකියා හා කම්කරු සබඳතා අමාත්‍යාංශයේ විෂයපතයට ඇතුළත් කර ඇති බව සඳහන්ය.

අමාත්‍ය විෂයපතයන් සහ කාර්යයන් ඇතුළත් ගැසට් නිවේදනය පහතින්




































































No comments:

Post a Comment

Post Bottom Ad