සිරිසේන මහතා සභාපති ධුරයෙන් ඉල්ලා අස්වීමට සූදානමක් හෝ නැති බවද එම වෘත්තිය සමිති කියා සිටී.
ටෙලිකොම් සභාපතිවරයාට මිලියන දෙකක මාසික වැටුපක් සහ සියලු වරප්‍රසාද සහිතව මසකට ලක්ෂ 90ක් පමණ දීමනා ද ලැබෙන බව ද සඳහන්ය.
මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති ධුරයට පත් වී සති දෙකක් ඇතුළත එනම් 2015 ජනවාරි මස 22 වනදා ධුරයට පත් කරන ලද කුමාරසිංහ සිරිසේන මහතා මේ වන තෙක් ටෙලිකොම් සමාගමේ සභාපති ධුරය දරමින් සිටී.
ටෙලිකොම් සභාපතිවරයා පත් කිරීමේ නිල බලය මහා භාණ්ඩාගාර ලේකම්වරයාට හිමිව ඇති අතර එම නව පත්කිරීමත් සමගින් වත්මන් සභාපතිවරයාගේ ධුරය අහෝසි වෙයි. ඉල්ලා අස්වීම හෝ නොවීම ඊට අදාල නොවෙයි.


No comments:
Post a Comment