පාර්ලිමේන්තු මන්ත‍්‍රී චම්පික රණවක මහතා සම්බන්ධයෙන් සිදුකර ඇති පරීක්ෂණවල ප්‍රගතිය මත ඔහුට සිර දඬුවම් ලැබීම කිසිසේත් වැළැක්විය නොහැකි මට්ටමට පැමිණ ඇති බව එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයන් විසින් සිය සමාජ ජාල ගිණුම් වල හුවමාරු කර ගනිමින් සිටිති.
චම්පික රණවක හිටපු ඇමතිවරයා අදාල සිදුවීමේදී මේ ආකාරයෙන් කටයුතු කරන ලෙස පොළඹවා ඇත්තේ එවකට ජනාධිපති උපදේශකයකු වූ ශිරාල් ලක්තිලක මහතා විසින් යැයි ද එම වාර්තාවන්හි දැක්වෙයි.
බොහෝ දුරටත් මෙම නඩුව අවසන් වනු ඇත්තේ චම්පික රණවකට වසර ගණනාවක සිරදඩුවම් හිමි වීමෙන් බවත් ඉන්පසුව ජාතික හෙළ උරුමය නම් දේශපාලන ව්‍යාපාරය සහමුලින් ම වැළලී යනු ඇති බවත් ඔවුන් විසින් හුවමාරු කරගන්නා වැඩසටහන් වල දැක්වෙයි.
මේ අතර ඇතැම් එජාප ප‍්‍රබල ක‍්‍රියාකාරීන් විසින් සිය සමාජ ජාල ගිණුම් වල සඳහන් කරමින් ඇත්තේ හිටපු ඇමති චම්පික රණවක දැන් කළ යුතුව ඇත්තේ සිදුවූ වරද පිළිගෙන සමාව ඉල්ලා ඉල්ලීම මගින් අධිකරණයෙන් සහනයක් බලාපොරොත්තු වීම පමණක් බවයි.
එසේ වුවහොත් ඔහුට තවත් වසර ගණනාවක් දේශපාලනයේ ඉදිරි ගමනක් ඇති බවත් එසේ නැතිව තවදුරටත් උද්ධච්ච ආකාරයෙන් හැසිරුණහොත් සිදුවනු ඇත්තේ වසර ගණනාවක සිරබත් කමින් දේශපාලන අනාගතය අවසන් කර ගැනීමටත් එම සටහන්වල දැක්වෙයි.
-lankacnews
Friday, December 20, 2019
Home
ප්රවෘත්ති
චෝදනා සනාථයි.. චම්පිකට සිර දඬුවම් ස්ථිරයි.. උද්දච්චකම අතහැර සමාව ඉල්ලුවොත් අධිකරණයෙන් සහනයක් දෙයි..- එජාප ලොක්කෝ කියති..
චෝදනා සනාථයි.. චම්පිකට සිර දඬුවම් ස්ථිරයි.. උද්දච්චකම අතහැර සමාව ඉල්ලුවොත් අධිකරණයෙන් සහනයක් දෙයි..- එජාප ලොක්කෝ කියති..
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment