අපූර්ව සිනමාත්මක අත්දැකීමක්‌ ගෙනෙන යූ ටර්න්. - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, December 20, 2019

අපූර්ව සිනමාත්මක අත්දැකීමක්‌ ගෙනෙන යූ ටර්න්.


පවන් කුමාර්ගේ කතාවක් ඇසුරින් අරුණ ජයවර්ධන සහ චන්න දේශප‍්‍රිය තිර රචනා කර ඇති යූ ටර්න් සිනමා පටය මේ වසර අවසන් වීමට පෙර සී ඊ එල් මණ්ඩලයේ සිනමාශාලාවල තිරගතවීමට නියමිත ය. අභිරහස් කතා ආරක කතාවක් වන යූ ටර්න් සිනමා පටය මෙරට පේ‍්‍රක්ෂකයනට අලූත් සිනමා අද්දැකීමක් එක් කරන නිර්මාණයකි. එහි කතාව සැකවින් මෙසේ වෙයි.
 විද්‍යුත් මාධ්‍ය ආයතනයක රැුකියාව කරන රවීනා ගුවන්පාලම්වල සිදු වූ හදිසි අනතුරු පිළිබඳව පුවත් වාර්තාවක් සඳහා තොරතුරු සොයමින් සිටියි. ඇය මෙම සිද්ධීන් පිළිබඳ තොරතුරු ලබා ගැනීමට තම ආයතනයේ සේවය කරන අපරාධ වාර්තාකරුවකු වන ආදිත්‍යය, රථවාහන දෙපාර්තමේන්තුවේ සේවය කරන හිතවතකු හා සහස්පුර ගුවන් පාලම අසල වෙසෙන යාචකයෙකුගේ සහාය ලබා ගනියි. රවීනා අපේක්ෂා කරන්නේ මූලිකවම බහුතරයක් අනතුරුවලට හේතු වන පරිදි ගුවන්පාලම මත නීතිවිරෝධී යූ හැරවුම් ලබා ගන්නා පුද්ගලයන් මුණ ගැසී ඔවුන් ගේ නීති විරෝධී ක‍්‍රියාව පිළිබඳ විමසීම් සිදු කොට සිය පුවත්පත් වාර්තාව සැකසීමටය.
 මෙම පුද්ගලයන්ගෙන් පළමුවැන්නා මුණ ගැසීමට ඇය දරන උත්සාහය අසාර්ථක වේ. එදිනම රාත‍්‍රියේ ඇය පොලිස් අත්අඩංගුවට පත් වන්නේ ඇය විසින් මුණ ගැසීමට තැත් කරන ලද තැනැත්තාගේ මරණයට වගකිව යුතු තැනැත්තිය වශයෙන් සැක පිටය. කම්පනයට පත් වන රවීනා ඇගේ පැත්තෙන් ඇගේ නිර්දෝෂීභාවයට කරුණු ඉදිරිපත් කරයි. උසස් පොලිස් නිලධාරියා ඇගේ නිදහසට කරුණු ඉදිරිපත් කිරීම ප‍්‍රතික්ෂේප කරන නමුත් රංග නම් උප පොලිස් පරීක්ෂකවරයා ඇයව විශ්වාස කොට තවදුරටත් පරීක්ෂණ මෙහෙයවයි. එහිදී හෙළිවන්නේ රවීනාගේ ලැයිස්තුවේ නම් සඳහන් සියලූ පුද්ගලයන් ඔවුන් විසින් වැරදි ලෙස යූ හැරවුම ලබාගත් දිනයේදීම සියදිවි නසාගෙන ඇති බවයි. වැරදි යූ හැරවුම ලබාගන්නා පුද්ගලයන්ගේ මරණ පසුපස ඇති සැබෑ හේතුව සොයාගැනීමේ අරමුණින් රංග සහ රවීනා ගන්නා ඊළඟ පියවර ඔබව රැුගෙන යන්නේ පෙර නොසිතූ විරූ අසාමාන්‍ය අත්දැකීම් සමුදායකටය.
 
 යහපත, අයහපත, නීතිය සහ අවනීතිය අතර මෙන්ම අසීමාන්තික මව් පිය සෙනෙහසක මහිමය පිළිබඳ අපූර්ව විවරණයක් ඉස්මතු කරමින් මුල සිට අග දක්වා කුතුහලය දනවන සිදුවීම් මාලාවක් මෙම චිත‍්‍රපටය ගෙන හැර දක්වයි. නවපරපුරේ ජනප‍්‍රිය සිනමා තරුව වන හේමාල් රණසිංහ, බිමල් ජයකොඩි, චානු දිසානායක, තුමිඳු දොඩන්තැන්න ප‍්‍රධාන භූමිකාවන් නිරූපණය කරන මෙම සිනමාපටය කැමරා කරණය ස්ට‍්‍රයිනර් මැක්ලේන් ඇඩම්ස් විසින් සිදුකර ඇති අතර කලා අධ්‍යක්ෂණය සුනිල් පේ‍්‍රමරත්න විසිනි. යූ ටර්න් චිත‍්‍රපටයේ විධායක නිෂ්පාදනය සුසාර දිනාල් විසිනි.
 
 තිස්ස -Divaina News paper.

No comments:

Post a Comment

Post Bottom Ad