දෙමළ ජනතාවට දේශපාලන විසඳුමක් ලබාදීමට සිංහල ජනතාව අකමැති යැයි ඉදිරිපත් වන ප්‍රකාශයක් පිළිගැනීමට නොහැකි යැයි දෙමළ සන්ධාන නායක ආර්. සම්බන්ධන් මහතා සඳහන් කරයි.
දෙමළ ජනතාවට විසඳුමක් ලැබෙනවාට සිංහල ජනතාවද කැමති බව ද මන්ත‍්‍රීවරයා දෙමළ මාධ්‍ය වෙත සඳහන් කර තිබේ.
දෙමළ ජනතාවට ස්වයං නිර්ණය අයිතිය හිමි බවත් එය ලබා ගැනීම කිසිවෙකුට වැළැක්විය නොහැකි බවත් ඔහු පවසා ඇත.
මෙරට සිංහල ජනතාවට සේම දෙමළ ජනතාවට ද අයිතිවාසිකම් ඇති බවද එය සිංහල ජනතාවට තේරුම් කර දිය යුතු බවද ඔහු අවධාරණය කරයි.
නව ආණ්ඩුව සමඟ ගැටුමක් ඇති කර ගැනීමට සූදානම් නැති බවත් දේශපාලන විසඳුමක් වෙනුවෙන් ගන්නා සෑම ක්‍රියාමාර්ගයට සහාය ලබාදීමට සූදානම් බවද ඔහු සඳහන් කර සිටියි.
Friday, December 20, 2019
අප ස්වයං නිර්ණ අයිතිය ලබා ගන්නවා.. එය කිසිවෙකුට වලකන්න බෑ..
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment