නීතිය නිසි ලෙස ක්‍රියාත්මක නොකරමින් මහ රෑ නිවෙස්‌වලට පනිමින් චෝදනා ඇති පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට යැමෙන් මහා පරිමාණ දූෂිතයන් සහ වංචාකාරයන් මහා වීරයන් බවට පත්වන බව 'සුරකිමු ශ්‍රී ලංකා' සංවිධානයේ සභාපති පාහියංගල ආනන්ද සාගර හිමියෝ දිවයිනට ඊයේ (20 දා) ප්‍රකාශ කළහ.
හිටපු ඇමැති පාඨලී චම්පික රණවක මහතා අත්අඩංගුවට ගත් ක්‍රමවේදය නිසි ලෙස ක්‍රියාත්මක වුණු බව තමන්වහන්සේ විශ්වාස නොකරන බවත් එය නිසි ලෙස නිවැරදිව නීතියක සිට ක්‍රියාත්මක වූයේ නම් අපරාධකාරයන් වෙනුවෙන් පිරිත් කීමට ස්‌වාමින්වහන්සේලාට උසාවි ඉදිරියට යැමට හැකියාවක් නැති බවත් උන්වහන්සේ සඳහන් කළහ.
ඉකුත් රජයේ මැති ඇමැති විශාල පිරිසකට එරෙහිව පවතින දූෂණ චෝදනා සහ අන්තවාදී ක්‍රියා සම්බන්ධයෙන් ද තමන්වහන්සේ ඇතුළු පිරිස් වගකිව යුතු අංශ දැනුවත් කර ලිත ලියකියෑවිලි භාරදී ඇතත් ඔවුන් වෙනුවෙන් නීතිය නිසි ලෙස ක්‍රියාත්මක කෙරෙන ක්‍රමවේදය පිළිබඳ සෑහීමකට පත්විය නොහැකි බව ද ආනන්ද සාගර හිමියෝ පැවසූහ.
හිටපු ඇමැති පාඨලී චම්පික රණවක මහතාට අක්‍රමිකතා, කොමිස් ගැසීම් සහ නොයෙක් දූෂණ චෝදනා රැසක් තිබුණත් පහත් තැනකින් අල්ලා ගනිමින් ඔවුට එරෙහිව ක්‍රියාත්මක වීම නිසා නීතිය පිළිබඳව දැඩි විශ්වාසය පළුඳුවීමක් සිදුව ඇතැයි ද උන්වහන්සේ කියා සිටියහ.
ඉකුත් රජයේ සිටි දූෂිත මැති ඇමැතීන්ට නිසි ක්‍රමවේදයට අනුව යමින් නීතිය ක්‍රියාත්මක නොවීම තුළ වත්මන් රජය නැවත හිටපු රජයටම මේ රට භාරදීමට සූදානම් වන බවක් පෙනෙන්නට ඇතැයි ද ආනන්ද සාගර හිමියෝ පැවසූහ.
අන්තවාදී චෝදනා ඇතුළු චෝදනා රැසක් එල්ල වූ රිෂාඩ් බදුර්දීන්, හිස්‌බුල්ලා, අසාද් සාලි ඇතුළු පුද්ගලයන්ට මෙරට ඇති නීතිය නියමාකාරයෙන් ක්‍රියාත්මක විය යුතුව ඇතැයි ද කී එහිමියෝ ඔවුන් වෙනුවෙන් පාදඩ නීතිය පාවිච්චි නොකර නිවැරදි නීතිය ඉක්‌මනින් ක්‍රියාත්මක වනු ඇතැයි තමන් වහන්සේ ප්‍රමුඛ දේශයට හිතැති මුළුමහත් ජනතාවම බලා සිටින බව ද ආනන්ද සාගර හිමියෝ වැඩිදුරටත් කියා සිටියහ.
-divaina newspaper.
Saturday, December 21, 2019
වැරදි විදියට අත්අඩංගුවට ගත්තොත් වංචාකාරයන් මහා වීරයන් වෙනවා.
Tags
# දේශපාලන
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන
Labels:
දේශපාලන
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment