ආරක්ෂක මණ්ඩලයේදී ජනපති ගත්ත අද සිට ක්‍රියාත්මක වන විශේෂ තීරණය මෙන්න - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, December 23, 2019

ආරක්ෂක මණ්ඩලයේදී ජනපති ගත්ත අද සිට ක්‍රියාත්මක වන විශේෂ තීරණය මෙන්න

ත්තල් සැමරුම නිමිත්තෙන් දේව මෙහෙයන් පැවැත්වෙන දිවයින පුරා පිහිටි කතෝලික දේවස්ථානවලට උපරිම ආරක්ෂාවක් සැපයීමට කටයුතු යොදා ඇති බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවැසීය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පැවැති ආරක්ෂක කවුන්සිලයේදී ගත් තීරණයකට අනුව මෙම ආරක්ෂක වැඩපිළිවෙළ ක්‍රියාත්මක කර ඇති බව යුද හමුදාපතිවරයා අදහස් දක්වමින් සඳහන් කළේය.

කතෝලික ජනතාවට බියකින් සැකයකින් තොරව නත්තල් දින දේව මෙහෙයන්වලට සහභාගි වීම අරමුණු කරගෙන දේවස්ථානවලට මෙලෙස උපරිම ආරක්ෂාවක් සපයා ඇති බවද යුද හමුදාපතිවරයා කීවේය.

තවද ප්‍රධාන පෙළේ හෝටල් ඇතුළුව දෙස් - විදෙස් සංචාරකයන් වැඩි වශයෙන් එක්රැස් වන හෝටල්වලටද ආරක්ෂාව පවත්වාගෙන යෑමට අවශ්‍ය උපදෙස් යුද හමුදාව විසින් ලබාදී ඇති බවද යුද හමුදාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

මව්බිම


No comments:

Post a Comment

Post Bottom Ad