ආණ්ඩුවට එරෙහිව ශ‍්‍රීලනිප පිරිසක් කුමන්ත‍්‍රණයක.. එජාප ලොක්කෙක් රහසින් හමුවෙයි.. - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, December 21, 2019

ආණ්ඩුවට එරෙහිව ශ‍්‍රීලනිප පිරිසක් කුමන්ත‍්‍රණයක.. එජාප ලොක්කෙක් රහසින් හමුවෙයි..

එක්සත් ජාතික පක්ෂ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයකු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ දේශපාලඥයින් පිරිසක් හමු වී පසුගිය සතියේ රහසිගත සාකච්ඡාවක් පවත්වා තිබේ.
මෙහිදී සාකච්ඡා කර ඇත්තේ ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය සම්බන්ධයෙන් යැයි ද වාර්තා වෙයි.

ඔහු විසින් මේ වන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දේශපාලකයින් තිදෙනෙක් සමග වෙන වෙනම මුණගැසී සාකච්ඡා කර ඇතැයිද සදහන්ය.

ඉදිරියේදී එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත් වන ප්‍රධාන අපේක්ෂකයෙක් සම්බන්ධයෙන් සහාය ලබාගැනීමට මෙම සාකච්ඡාව ල අරමුණ වී ඇතැයි ද දැනගන්නට ඇත.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකයින් මේ ගැන පැහැදිලි පිළිතුරක් මෙතෙක් ලබාදී නැත.

No comments:

Post a Comment

Post Bottom Ad