කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අනතුර ඇඟවීමේ රතු නිවේදනයක් - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, December 21, 2019

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අනතුර ඇඟවීමේ රතු නිවේදනයක්


කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අනතුර ඇඟවීමේ රතු නිවේදනයක් නිකුත් කර ත්බෙනවා.

එම නිවේදයේ දැක් වෙන්නේ දිවයිනේ ප්‍රදේශ කිහිපයකට මිලිමීටර 150ත් 200ත් අතර ඉතා තද වැසි අපේක්ෂා කරන බවයි.


එමෙන්ම අනුරාධපුරය, පොළොන්නරුව, ත්‍රීකුණාමලය සහ වව්නියාව දිස්ත්‍රික්කවලට තද වැසි අපේක්ෂා කරන බව ද එම නිවේදනයෙ සඳහන්.

තවද  බස්නාහිර, සබරගමුව සහ ඌව පළාත්වලටත් මඩකලපුව, අම්පාර, නුවරඑළිය, මාතලේ, පුත්තලම සහ මන්නාරම දිස්ත්‍රික්කවලට මිලිමීටර් 100ත් 150ත් අතර  තද වැසි අපේක්ෂා කරයි.

දකුණු පළාතට සහ මහනුවර, කුරුණෑගල, මුලතිව් සහ කිලිනොච්චි දිස්ත්‍රික්කවලට මිලිමීටර් 100ක පමණ වුවැසි ඇති විය හැකියි.

No comments:

Post a Comment

Post Bottom Ad