නවක වධය යනු 7 වන සහ 8 වන සියවස්වල ග‍්‍රීසියේ ඇරඹුනා යයි සැලකෙන්නා වූද” වර්තමානය වන විට දියුණු රටවල්වලින් තුරන්ව ගොස් ඇත්තාවූද” එසේ වන නමුත් ඉන්දියාව ලංකාව වැනි ආසියාතික රටවල තවමත් දරුණු ලෙස ක‍්‍රිියාත්මක වන්නාවූද” සමාජයෙන් තුරන් කිරීම සඳහා කිසිවෙක් ප‍්‍රායෝගිකව ක‍්‍රියා නොකරන්නාවූද” එක්තරා කාලයකට පමණක් උණුසුම් ප‍්‍රවෘත්ති මවන්නාවූද උසස් අධ්‍යාපන ආයතන ප‍්‍රධාන කොට සමාජයේ බොහෝ ක්‍ෂේත‍්‍රවල පැතිර පවතින්නාවූද” ම්ලේච්ඡු මානව ක‍්‍රියාකාරකමකි’
මෙම ම්ලේච්ඡු ක‍්‍රියාකාරකම සම්බන්ධයෙන් බොහෝ දෙනෙකු ප‍්‍රසිද්ධියේ කථා නොකරන අතර කථා කරන පිරිසද ඇතුලාන්තය නොදැන මතුපිට දෙස පමණක් බලා මත ප‍්‍රකාශ කරයි’ ඒ නිසා නවක වධයේ සැඟවුණ අප‍්‍රසන්න” කැත කථාන්දරය හෙළිදරව් කිරීම සමාජ වගකීමක් සේ සලකා මෙම හෙළිදරව් කිරීම සිදුවේ’ මෙහි සඳහන් කරුණු සම්බන්ධයෙන් අභියෝග කරමින් සංවාදයකට එළඹීමට කිසිවකු අදහස් කරන්නේ නම් ඊට ලියුම්කරුගේ එකඟතාවය ඇති බවද සැලකිය යුතුය’
ලියුම්කරු 5 වසර ශිෂ්‍යත්වයෙන් සමත්වී මධ්‍ය විද්‍යාලයකට ගිය දිනවල නවක වධයේ ප‍්‍රාථමික ස්වරූපය අත්දකින ලද අතර පසුව උසස් පෙළ හැදෑරීම සඳහා වෙනත් විද්‍යාලයකට ඇතුළත් වීමේදීද” නවකයකු වශයෙන් රුහුණ සරසවියේදී” නවක වධය විවිධ මට්ටම්වලින් අත්දැක ඇති අතර වෘත්තීය වශයෙන් දීර්ඝ කාලයක් විශ්වවිද්‍යාලවල රාජකාරිමය කටයුතුවල නිරතව ඇති බැවින් විෂය සම්බන්ධ කථා කිරීමට සුදුස්සකු බව විශ්වාස කරයි’
නවක වධය සම්බන්ධයෙන් කථා කිරීමේදී එය සරසවිවල පවත්නා නවක වධයට ලඝු වන නමුත් නවක වධය පවතින්නේ සරසවිවල පමණක් නොවේ’ පාසල්” විද්‍යාපීඨ” මිලිටරි ඇකඩමි” ගුරු විද්‍යාල” කාර්මික විද්‍යාල ආදී බොහෝ ආයතන තුළ නවක වධය විවිධ මට්ටම්වලින් සහ ස්වරූපයන්ගෙන් ක‍්‍රියාත්මක වේ’ මෙම ආයතනවල පවත්නා නවක වධයන්ගේ ස්වරූපයන් පිළිබඳවත් සංවාදයක් ගොඩනැගිය යුතු බව ලියුම්කරු විශ්වාස කරන අතර මෙම ලිපිය ඊට ආරම්භයක් වේයයි අපේක්‍ෂා කෙරේ’ කෙසේ නමුත් වඩා සංවිධානාත්මක සහ සැලසුම්සහගත ලෙස මහා පරිමාණයෙන් නවක වධය ක‍්‍රියාත්මක වන්නේ සරසවිවල වන බව අවිවාදාත්මක නිසා ඒ සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු වීම ස්වභාවිකය’ ඒ නිසා මෙම ලිපියේද සාකච්ඡුාව දිගහැරෙන්නේ සරසවි නවක වධය මුල් කොට ගෙනයි’
නිදහස් අධ්‍යාපනයේ පිහිටෙන් රජයේ විශ්වවිද්‍යාලයක උසස් අධ්‍යාපනය ලබා එම විශ්වවිද්‍යාලයේම සේවය කරන ලියුම්කරුගේ මිත‍්‍රයකු පසුගියදා පැවසුවේ පවතින තත්ත්වය තීරණාත්මක ලෙස වෙනස් නොවුණහොත් තම දරුවන් දෙදෙනා කිසි දිනෙක රජයේ විශ්වවිද්‍යාලයක උසස් අධ්‍යාපනය ලැබීමට නොයවන බවයි’ එයට හේතුව ලෙස ඔහු සඳහන් කළේ තමන් ආදරයෙන් ලොකු මහත් කළ දරුවන් ප‍්‍රවේණි දාසයන්ටත් අන්ත සැලකුම් ලබන” වැඩවසම් යුගයේ සංස්කෘතියක් බලහත්කාරයෙන් පවත්වාගෙන යන රජයේ විශ්වවිද්‍යාල පද්ධතිය තුළට ගාල්කර ඔවුන්ගේ අනාගතය විනාශ කිරීමට තමන්ට නොහැකි බවයි’ නිදහස් අධ්‍යාපනයේ පිහිටෙන් ඉගෙන ගත් තමාට මෙම තීරණය වේදනාත්මක බවත් ඔහු සඳහන් කළේය’ ලියුම්කරු ඇතුළු විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලද බොහෝ වෘත්තිකයන්ගේ මතය ද මෙයට වෙනස් නොවේ’ මෙම තත්ත්වයට 75% කට වඩා බලපාන හේතුව නවක වධය වන බවට සැකයක් නැත’
නවක වධ ක‍්‍රියාවලිය සඳහා ශිෂ්‍ය සංගම්වල ආරක්‍ෂාව
ශිෂ්‍ය සංගම් ක‍්‍රියාකාරීන් සෑමවිටම ප‍්‍රසිද්ධියේ පවසන්නේ තමන් සම්පූර්ණයෙන්ම නවක වධයට විරුද්ධ බවත් එවැනි ක‍්‍රියා හෙළා දකින බවත්ය’ මෙය අමූලික බොරුවකි’ නවක වධය සහ ශිෂ්‍ය සංගම්වල සම්බන්ධය හරියට ගසට පොත්ත මෙනි’ සෑම කල්හිම නවක වධය ක‍්‍රියාත්මක වූයේත්” වන්නේත් ශිෂ්‍ය සංගම්වල නායකත්වය සහ රැුකවරණය සහිතවය’ ප‍්‍රායෝගික සත්‍ය නම් ශිෂ්‍ය සංගම්වල අනුග‍්‍රහය නොලබන තැන්වල නවක වදයක් නොපැවතීමයි’ විශ්වවිද්‍යාල පද්ධතිය දෙස විමසිල්්ලෙන් බලන්නෙකුට ඒ බව පැහැදිලිව පෙනේ’ විශ්වවිද්‍යාල පද්ධතියේ ශිෂ්‍ය සංගම්වල බහුතර බලය පෙරටුගාමී පක්‍ෂයට සම්බන්ධ ශිෂ්‍ය කණ්ඩායම් විසින් අත්පත් කරගෙන සිටින අතර පීඨ කිහිපයක පමණක් ශිෂ්‍ය සංගම්වල බලය විකල්ප ශිෂ්‍ය කණ්ඩායම් සතුවේ’ මෙසේ විකල්ප බලයන් සහිත පීඨයන්හි නවක වධය ක‍්‍රියාත්මක නොවේ’ එම කරුණ පමණක් වුවත් ඉහත මතය තහවුරු කිරීම සඳහා ප‍්‍රමාණවත්ය’
නවක වධය සඳහා ශිෂ්‍ය සංගම් අනුග‍්‍රහය දක්වන බව තහවුරු කෙරෙන තවත් අවස්ථා රාශියක් ඇත’ ඉන් කිහිපයක් මෙසේ විස්තර කළ හැකිය’
නවක සිසුන් පැමිණි වහාම ශිෂ්‍ය සංගම් නියෝජිතයන් තම නිල බලය භාවිතා කරමින් දේශන ශාලාවලට සහ නේවාසිකාගාරවලට ඇතුල්වී නවකයන්ගේ විස්තර ලබාගනී’ මේ සඳහා මුද්‍රිත පෝර්මයක් ලබාදෙන අතර සෑම නවකයෙක්ම එම පෝර්මය පුරවා දිය යුතුය’ එහි නවකයාගේ විස්තර” දෙමව්පියන්ගේ සහ පවුලේ තොරතුරු ආදිය මෙන්ම සිසුන් පෙළෙන රෝගාබාධ මෙන්ම ඒවාට ලබාගන්නා ඖෂධ වර්ගයන්වල විස්තර ද ඇතුළත්ය’ මෙම තොරතුරු නවක වධයේ සැලසුම් සඳහා සෘජුවම භාවිතා වන අතර රෝගාබාධ සම්බන්ධ තොරතුරු මත එවැනි සිසුන් ඇතැම් නවක වධ ක‍්‍රියාකාරකම්වලින් ඉවත්කොට තබනු ලබන අතර ලබාගන්නා ඖෂධ සම්බන්ධ තොරතුරු හදිසි ප‍්‍රතිකාර සඳහා ප‍්‍රයෝජනයට ගනී’
ශිෂ්‍ය සංගමය විසින් නවකයන් පැමිණි වහාම කිසියම් පොදු ගැටලූවක් අරභයා පිකටිං සහ උද්ඝොෂණ ව්‍යාපාර සංවිධානය කෙරෙන අතර ඒවායේදී නවකයන් ඉදිරියේ ශිෂ්‍ය සංගම් නියෝජිතයන් නවකයන්ගේ ඇෙඟ් මයිල් කෙලින් කරවන උද්වේග කර කථා පවත්වයි’ මෙහිදී පාලකයන් සහ නිලධාරීන් අවමන් සහගත ලෙස විවේචනය කරමින් ඔවුන්ගේ ගෞරවය කෙලෙසන අතර කිසිදු සිසුවෙක් ඔවුන්ට ගරු කළ යුතු නැති බවටත් බිය විය යුතු නැති බවටත් හැඟීමක් ලබාදේ’ මෙහිදී ඇතැම් සිසුනායකයන් අවම සදාචාරයටවත් එකඟ නොවන ලෙස තම කථාවලින් පාලකයන්ගේ බිරින්දෑවරුන් සහ දරුවන් පවා සම්බන්ධ කර ගනිමින් විවේචනයේ යෙදෙන අතර සරසවියේ පොරවල් පාලකයන් හෝ නිලධාරීන් නොව තමන් බව නවකයන්ට ඒත්තු ගන්වයි’ නිද්‍රාශීලී අංගවිකල සරසවි පරිපාලනය විසින් මෙම ප‍්‍රසිද්ධියේ නින්දා අපහාස කිරීම්වලට එරෙහිව කිසිදු පියවරක් නොගන්නා බැවින් ඒවා කිසිදු ප‍්‍රතිවිරෝධයකින් තොරව නැවත නැවත සිදුවේ’
ආරක්‍ෂක නිලධාරීන් විසින් හෝ විනයාරක්‍ෂක නිලධාරීන් විසින් කිසියම් නවක වධ ක‍්‍රියාකාරකමක් නිරීක්‍ෂණය කිරීමට තැත් කළහොත් ශිෂ්‍ය සංගම් නායකයන් වහාම ඒ සඳහා මැදිහත් වේ’එහිදී විශාල පිරිස් බලයක් යොදා ගනිමින් අදාල නිලධාරීන් වටකර ඔවුන්ගේ ජාතික ගීය ගායනා කරමින් (හූ තබමින්* නිලධාරීන් පීඩාවට පත්කරන අතර ඔවුන්ගේ රාජකාරිය ඉටුකිරීමට කිසිවිටෙක ඉඩ ලබා නොදේ’ කනගාටුදායක කාරණය නම් එවැනි අවස්ථාවල නවකයන්ම යොදාගෙන හූ කියවීමත් කටකාර නවකයන් ලවා ”මෙතන කිසිම නවක වධයක් උනේ නැහැ”” ඇයි අපිට අයියලා එක්ක කථා කරන්න බැරිද” ”පරිපාලනය තමයි අපිව රැුග් කරන්නේ” ”ඔයාලා ඔයාලාගේ වැඩක් බලාගන්න ආදි ලෙස කියමින් නිළධාරීන් පසු බැස්සවීමට කටයුතු කිරීමයි’
ශිෂ්‍ය සංගම් විසින් මෙම ක‍්‍රියාවන් සාධාරණීකරණය කිරීමටත් තමන් නවක වධයට සම්බන්ධ නොමැති බව ඔප්පු කිරීමටත් සාමාන්‍ය භාෂාවෙන් කියන පරිදි බ‍්‍රහ්ම තර්ක ඉදිරිපත් කළ හැකි නමුත් නවක වධයට ශිෂ්‍ය සංගම්වල ඇති සෘජු සම්බන්ධය මෙම ක‍්‍රියාමාර්ගවලින් නැවත නැවත තහවුරු වන බව සිහිබුද්ධිය ඇති සියල්ලන්ටම වැටහෙනු නොඅනුමානය’
නිලධාරීන් සහ ආචාර්යවරුන් පාලනය කිරීමට පිඹුරුපත් සැකසීම
නවක වධයේම අංගයක් ලෙස නවක වධ ක‍්‍රියාවලියට එරෙහි වේයයි අනුමාන කෙරෙන ආචාර්යවරුන්” ආරක්‍ෂක නිලධාරීන් සහ විනයාරක්‍ෂක නිලධාරීන් සම්බන්ධ තොරතුරු ඇතුළත් ලිපිගොනු ශිෂ්‍ය සංගමයේ මූලිකත්වයෙන් ආරම්භ කෙරෙන අතර ඔවුන්ගේ රුචි අරුචිකම් සහ දුර්වලතා පවුලේ තොරතුරු ආදී සියලූ තොරතුරු මීට ඇතුළත් කෙරේ’ අනතුරුව විවිධ මාර්ගවලින් මෙම පිරිස නවක වධ ක‍්‍රියාවලියට අවහිරයක් නොවන ලෙස පාලනය කර ගැනීමට කටයුතු කරයි’ මෙම පිරිස ඉලක්කකොට විවිධ සාද අවස්ථාවන් සංවිධානය කෙරෙන අතර එහිදී මත්පැන් සඳහා ලොල්වන පුද්ගලයන් බීමත්ව කියන කරන දෑ රහසේ වීඩියෝගත කිරීම මෙන්ම පටිගත කිරීම ද සිදු කරයි’ මෙසේ ගොඩනගාගන්නා මිත‍්‍රත්වය හරහා නවක වධයදී හසුවුවත් එය ගොඩින් ෂේප්කර ගැනීම ඉදිරි අරමුණයි’
එසේත් පාලනය කරගත නොහැකි පුද්ගලයන්ට එරෙහිව ශිෂ්‍ය සංගමය හරහා ප‍්‍රහාරයන් දියත් කෙරෙන අතර විවිධ රැුස්වීම්වාරවලදී ශිෂ්‍ය නියෝජිතයන් විශාල පිරිසක් විසින් වටකොට පහරදී” අවලාද නගා ඔහු දුර්මුඛ කිරීම සිදුකරයි’
ප‍්‍රසිද්ධියේ ශබ්ද විකාශන යන්ත‍්‍ර යොදාගෙන කෙරෙන අවලාදයන් මගින් තම ප‍්‍රතිරූපය විනාශ කර ගැනීමට අකමැති ආචාර්යවරුන් සහ නිලධාරීන් තම සීමාව ඉක්මවමින් ශිෂ්‍යයන් තරහ කර ගැනීමට නොයා ෂේප් ප‍්‍රතිපත්තියක් අනුගමනය කිරීමට පෙළඹේ’
නවක වධය කවුරුන්ගෙන් කාහටද
ඉතා සීමිත අවස්ථාවන් කිහිපයකදී හැරෙන්නට නවක වධදීම් සිදුවන්නේ ජ්‍යෙෂ්ඨ පිරිසකගෙන් නවකයන් පිරිසකටය’ වසර කිහිපයක සිසුන් කණ්්ඩායම් සිටින ආයතනයක අවසන් වසර සිසුන් ඉවත්ව යාමත්” නව සිසුන් කණ්ඩායමක් ඇතුළත් වීමත් සෑම වසරකම එකම කාලසීමාවේ අඛණ්ඩව සිදුවේ’ පළමු වසරට ආධුනිකයන් ලෙස පැමිණෙන ශිෂ්‍ය කණ්ඩායම නවක වධයේ ගොදුරු බවට පත්වන අතර දෙවන වසර සිසුන් ප‍්‍රධානකොට අනෙකුත් ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යයන්ගේ හිරිහැර සහ අතවරයන්ට ලක්වීමට මෙම පිරිසට සිදුවේ’ උත්ප‍්‍රාසය දනවන කාරණය නම් මෙම වින්දිත ශිෂ්‍ය පිරිස වසර අවසානයේදී ඊළඟට ඇතුළත් වන නවකයන්ගේ වධකයන් බවට පත්වීමයි’ නවක වධය නොනවතින ක‍්‍රියාවලියක් බවට පත්ව ඇත්තේ මෙම ප‍්‍රධාන කාරණය හේතුවෙනි’ ඒ අනුව පැහැදිලිවන්නේ එක් වසරක් නවක වධය සම්පූර්යෙන් නතර කළහොත් මෙම ම්ලේච්ඡු ක‍්‍රියාවලියේ ඉදිරි පැවැත්ම අවසන් වන බවයි’ එයට අවශ්‍ය වන්නේ මාස 6ක අවංක සාමුහික කැපකිරීම පමණි’
නවක වධය දෙන්නන්ගේ ස්වභාවය
නවක වධය ලබාදෙන පුද්ගලයන් ලෙස විමර්ශනශීලීව බැලීමේදී මොවුන් බහුතරයක් තුළ පහත සඳහන් ලක්‍ෂණ එකක් හෝ කිහිපයක් පවතින බව හඳුනාගත හැක’
1’ අති දුෂ්කර ප‍්‍රදේශවලින් දිස්ත‍්‍රික් ක‍්‍රමයට පිං සිදු වන්නට සරසවි වෙත පැමිණීමට අවස්ථාව ලැබී ඇති පිරිස් වීම’
2’ බොහෝ විට දෙමව්පියන් අඩු ආදායමක් සහිත කම්කරු” කුලීකරු වැනි රැුකියාවල නිරතව සිටීම” ගොවිතැනින් ජීවත් වීම හෝ ඇතැම් විට නිශ්චිත
රැුකියාවක් නොමැති අය වීම’
3’ සමාජ සම්මතයට අනුව සමාජයේ කැපීපෙනීමට අවශ්‍ය ශරීර ලක්‍ෂණවල අඩුවක් දැකිය හැකි පුද්ගලයන් වීම උදාහරණ වශයෙන් මිටි හෝ කෘෂ ශරීර ලක්‍ෂණ” කළු සම සහ විරූපී ලෙස පිහිටි ශරීරාංග දැක්විය හැකිය’
4’ පාසල් අධ්‍යාපනය තුළ නායකත්ව අවස්ථා ලැබී නොමැති හෝ අඩුවෙන් ලද පිරිස් වීම’
5’ බොහෝ විට පෙම්වතෙක් හෝ පෙම්වතියක් නොවීම’
6’ පවුල් අර්බුද සහ දුප්පත්කම හේතුවෙන් ප‍්‍රීතිමත් සාමකාමී ළමා කාලයක් අහිමි වූ පිරිස් වීම’
7’ හීන පෞරෂයකින් යුතු පුද්ගලයන් වීම’
නවක වධය ලබාදීමේ අරමුණු
නවක වධය ලබාදීමේ අරමුණු වශයෙන් එහි නිරත වන්නන් සහ ඊට පක්‍ෂ පිරිස් නිරන්තරයෙන් හුවා දක්වන්නේ උසස් අධ්‍යාපන ආයතන තුළ පවත්නා උප සංස්කෘතියට හුරු කිරීම පමණක් මෙමගින් සිදුවන බවයි’ එහෙත් එහිදී ප‍්‍රකාශ නොකෙරෙන සැඟවුණ අරමුණු පහත පරිදි හඳුනා ගත හැකිය’
1’ ජ්‍යෙෂ්ඨයන් සහ නවකයන් අතර පරතරය පවත්වා ගැනීම
2’ ජ්‍යෙෂ්ඨයන්ගේ ආධිපත්‍ය නවකයන් මත බලහත්කාරයෙන් පැටවීම
3’ පංති වෛරය පිරිමසා ගැනීම
4’ දේශපාලන මතවාද කෙරේ සිසුන් ඒකරාශි කර
ගැනීම
5’ ස්වභාවික ආකර්ෂණය හීන පිරිස් සඳහා කෘතිමව ඇති කරන තත්ත්වයන් මත පෙම්වතෙක් හෝ පෙම්වතියක් ආකර්ෂණය කර ගැනීම
6’ තමන්” තම පවුල තුළින්” සමාජයෙන් හෝ ජ්‍යෙෂ්ඨයන් වෙතින් අත්දුටු ප‍්‍රචණ්ඩත්වය ප‍්‍රතිචාර දැක්විය නොහැකි තත්ත්වයක කොටුකළ අසරණයන් පිරිසක් මත මුදාහැරීම
7’ අන්තවාදී දේශපාලන ව්‍යාපාරයන් සඳහා අවශ්‍ය කාඩරයන් හඳුනා ගැනීම හා බිලිබා ගැනීම
නවක වධය සඳහා පෙර සූදානම
සරසවි තුළ නවක වධය ක‍්‍රියාත්මක වන්නේ ඉතාම සැලසුම් සහගතව හා පෙර සූදානමකින් යුක්තවයි’ ඇත්තවශයෙන්ම ඊළඟ වසරේ නවක වධය සඳහා වන මෙම සූදානම ආරම්භ වන්නේ ඊට පෙර නවක වධ කාල සීමාව තුළදීමයි’ එනම් සරසවිය තුළට නවකයන් පැමිණීමට වසරකට පෙරාතුව ඊළඟ වසරේ නවක වධය සඳහා සැලසුම් කිරීම සිදුවේ’ එහිදී අනාගත නවක වධය සඳහා නායකත්වය දීමට සුදුස්සන් ජ්‍යෙෂ්ඨයන් විසින් හඳුනාගනු ලබන අතර එසේ හඳුනාගත්තවුන් අංග සම්පූර්ණ හා විධිමත් නවක වධ ක‍්‍රියාවලියකට භාජනය කරනු ලැබේ’ එහිදී නවකයා තමන් නොදැනුවත්වම මොළ සේදීමකට :ඊර්සබ උ්ිය* ලක්වන අතර ඔවුන්ට ජ්‍යෙෂ්ඨ උත්තමයන් හා සමීපව කටයුතු කිරීමටත් කන බොන අවස්ථාවලට සහභාගී වීමටත් අවස්ථාව හිමිවේ’
සියලූ අවස්ථාවලදී නවක කණ්ඩායම නියෝජනය කරන්නේ එසේ තෝරාගන්නා කිහිපදෙනා විසිනි’ මේ නිසා නවක කණ්ඩායම තුළ නිතැතින්ම කැපී පෙනීමට ලක් වීමට මෙම පිරිසට හැකිවන අතර එහි ආශ්වාදයෙන් මත්වන පිරිස තම නවක කණ්ඩායමේ සාමාජිකයන් පවා ජ්‍යෙෂ්ඨයන්ට පාවාදෙමින් ඔවුන්ගේ සිතැඟි අනුව කටයුතු කරන පිරිසක් බවට පත්වේ’ ඒ අනුව නවක කණ්ඩායමේ කිසිවෙක් නවක වධයට හෝ ජ්‍යෙෂ්ඨයන්ට එරෙහිව වචනයක් කථා කිරීමට බියවේ’
මෙම කණ්ඩායම සඳහා නවකයන් තෝරාගැනීමේදී ඔවුන් පදිංචි ප‍්‍රදේශය” ඉගෙනගත් පාසැල” දෙමව්පියන්ගේ සමාජ තත්ත්වය” පවුලේ දේශපාලන මතය” පෞද්ගලික රුචි අරුචිකම් සහ පෙම්වතියක් හෝ පෙම්වතෙක් ඇති නැති බව ආදී කාරණා සම්බන්ධව දැඩි ලෙස සැලකිල්ල යොමු කරයි’
මෙම පිරිස නේවාසිකාගාරවල නැවතී සිටීම අනිවාර්ය වන අතර නවක වධ කාලසීමාව අවසාන වීමෙන් පසුව ඊළඟ නවක කණ්ඩායම එනතෙක් ජ්‍යෙෂ්ඨයන්ගේ සමීප නිරීක්‍ෂණය යටතේ පවත්වා ගනී’
ඊළඟ නවක කණ්ඩායම පැමිණීමට මාසයකට පෙරාතුව මෙම පුහුණු කරන ලද පිරිසේ මූලිකත්වයෙන් කණ්ඩායම් රැුස්වීමක් පැවැත්වෙන අතර එහිදී නවක වධ ව්‍යාපෘතියේ නායකයන් සහ උප නායකයන් ලෙස ගැහැනු පිරිමි දෙඅංශයෙන්ම හතරදෙනෙකු පත්කරනු ලබයි’ නායකයා රැග් රෙපා ලෙසත් උප නායකයා ඇරපා ලෙසත් හඳුන්වයි’
තව ද නවක සිසු කණ්ඩායම පැමිණෙන දින නවකයන් සහ දෙමව්පියන්ට මගපෙන්වීම පිණිස කණ්ඩායම් පත්කර ගැනීම ද ආරක්‍ෂක” ප‍්‍රචාරණ” වෛද්‍ය ආධාර සහ සම්බන්ධීකරණ කටයුතු ආදී අනෙකුත් අංශයන් සඳහා කමිටු පත්කර ගැනීම ද මෙහිදී සිදුවේ’
මල් සමය (මෙම යෙදුම ලේඛකයාගේ නොවේ සරසවියේ පාරිභාෂික වචනයකි පැහැදිලි කිරීම සදහා උපුටා ගන්නා ලදි*
සරසවියට නවක සිසුන් පා තැබීමට බොහෝ කාලයකට පෙර ඔවුන් වධයට ලක්කිරීම සදහා හමුදා මෙහෙයුමක් මෙන් සැලසුම් කරන ලද නවක වධ මෙහෙයුම දැන් සූදානම්ය’මෙහෙයුමේ පළමු පියවරට අනුව සරසවියට පළමුදින පැමිණෙන සිසුන්ට සහ දෙමව්පියන්ට දකින්නට ලැබෙන්නේ සහෝදරත්වය උතුරා යනල එකිනෙකා අන්‍යයන්ට උදව් උපකාර කරනල කරුණා දයාව උතුරා යන පාරාදීසයක් වැනි තැනකි’ සරසවිය යනු
වධකයන්ගෙන් පිරුණු අප‍්‍රසන්න ස්ථානයක් ලෙස සිතාගෙන පැමිණෙන දෙමව්පියන් එකී නරක චිත‍්‍රය ජනමාධ්‍ය විසින් ගොඩනංවන ලද ප‍්‍රලාපයක් බව දැකල යකා කියන තරම් කළු නැති බව සිතමින් ජ්‍යෙෂ්ඨ සහෝදරයන්ට තම දුවා දරුවන් බාරදී පිිටව යයි’
දෙවැනි දින සිට ඇරඹෙන්නේ මල් සමයයි මෙම සතියක පමණ කාලය තුල නවකයන්ට කිසිදු බලපෑමක් කෙරෙන්නේ නැත’නමින් අරුත්ගැන්වෙන ලෙස තම නව පරිසරයේ නව යහළු යෙහෙළියන් හදුනාගනිමින් සතුටින් සිටීමට ඔවුන්ට ඉඩ ලැබේ’මෙම මල් සමය තුල නවකයන් ලෙස වෙස් ගන්වන ලද ජ්‍යෙෂ්ඨ සිසුන් නවකයන් සමග ගැවසෙමින් නවකයන්ගේ දේශනවලට පවා සහභාගී වෙමින් ඔවුන්ගේ සියළු තොරතුරු එකතු කර ගන්නා අතර සරසවි පරිපාලනයල ආචාර්යවරු සහ විනයාරක්‍ෂක නිළධාරීන්ගේ නවක වධයට එරෙහි සැලසුම් සහ ක‍්‍රියාමාර්ග සම්බන්ධ සියළු තොරතුරු එක්රැුස්කර ගනී’
ඉතිරි කොටස ලබන සතියේ
විමුක්ති වීදියබණ්ඩාර
-Divaina news paper.

No comments:
Post a Comment