දෙමලෙන් ජාතික ගීය ගැයීම ව්‍යවස්ථාවෙන් දුන් අයිතියක් - ඇමති වාසු - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, December 30, 2019

දෙමලෙන් ජාතික ගීය ගැයීම ව්‍යවස්ථාවෙන් දුන් අයිතියක් - ඇමති වාසු

ශ්‍රී ලංකා ජාතික ගීය දෙමළ භාෂාවෙන් ගායනා කලා කියා ජාතික ගීයට හෝ කිසිදු ජාතියකට හානියක් සිදු වන්නේ නැති බව රාජ්‍ය ඇමති වාසුදේව නානායක්කාර මහතා පවසයි.

දෙමළ භාෂාවෙන් එම ගීතය ගායනා කිරීමට ව්‍යවස්ථාවෙන්ම අයිතියක් දී ඇති බවත් ඔහු සඳහන් කරයි.

රාජ්‍ය උත්සවවලදී දෙමළ භාෂාවෙන්ද ජාතික ගීය ගායනා කිරීමට පසුගිය රජය විසින් ගත් තීරණය ඉතා වැදගත් එකක් බව ද ඔහු සඳහන් කළේය.

දෙමළ ජාතිකයන් දෙමළ භාෂාවෙන් ජාතික ගීය ගායනා කළද එය වළක්වන ලද්දේ කොටි නායක වේළුපිල්ලේ ප්‍රභාකරන් විසින් බවත් ඔහු පැවසීය.

ඇමතිවරයා මෙම අදහස් පල කරන ලද්දේ ගොඩකළ ප්‍රදේශයේ දී මාධ්‍ය අමතමිනි.


No comments:

Post a Comment

Post Bottom Ad